උතුරු කොරියානු නායකයා ළමා කාලයේ හොර පාස්පොර්ට් එකකින් ජපානයේ ඩිස්නිලන්තයට ගිය වීර චාරිකාව

උතුරු කොරියානු නායක කිම් ජොං-උන් (Kim Jong-un) ළමා කාලයේදී ව්‍යාජ බ්‍රසීලියානු ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ජපානයට ගොස් ටෝකියෝ ඩිස්නිලෑන්ඩ් (Tokyo Disneyland) නරඹා ඇති බව මේ වන විට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙමින් පවතින පුවතකි.

වෛරල් වෙමින් පවතින පෝස්ට් එකකට අනුව 1991 වසරේදී එවකට අවුරුදු 8ක් පමණ වයසැති කිම් ජොං උන් සහ ඔහුගේ අයියා කිම් ජොං චල් (Kim Jong-chul) මෙම වීර චාරිකාවට එක් වී ඇති බවයි පැවසෙන්නේ.

ඔවුන් ව්‍යාජ බ්‍රසීලියානු පස්පෝට් භාවිතා කර ජපානයට ඇතුල් වූ බවත් ඔවුන් සමඟ උතුරු කොරියානු නිලධාරීන් කිහිපදෙනෙකුද ගොස් ඇති බවත් කිම් ජොං උන් එම ක්‍රමයට ඩිස්නිලන්තයට කිහිප වතාවක්ම ගොස් ඇති බව ද එම පෝස්ටුවෙහි සඳහන් වෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව 1990 දශකයේදී ව්‍යාජ නාම යටතේ ඔවුන් වෙත පස්පෝට් ලබාගත් බවට සාක්ෂි පවතී. එහි කිම් ජොං උන්ගේ නම සඳහන් වී ඇත්තේ “Josef Pwag” ලෙසයි.

මෙම ලේඛන ප්‍රාග්හි බ්‍රසීල තානාපති කාර්යාලයෙන් නිකුත් කළ බවයි වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔහුගේ අර්ධ සොහොයුරා කිම් ජොං නම් (Kim Jong-nam) 2001දී ව්‍යාජ පස්පෝට් භාවිතා කර ජපානයට ඇතුල් වීමට උත්සාහ කළ විට අත්අඩංගුවට ගෙන පිටුවහල් කර තිබුණා.

එය ඔහුගේ දේශපාලන අනාගතයට බරපතළ බලපෑමක් එල්ල කළ සිදුවීමක් වුණා.

Latest News

error: Content is protected !!