“විවාහය යනු ගැහැණු ළමයෙකුගේ ආරක්ෂිත තැන යන්න සමාජයෙන් අයින් කළ යුතු කාලය ඇවිත් තියෙනවා.”
විවාහය පිළිබඳ සමාජයේ පවතින දුර්මත විවේචනය කරමින් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන පබෝධා සන්දීපනී වැදගත් මත දැක්වීමක් සිදු කර තිබෙනවා.
ගැහැණු දරුවෙක් ආරක්ෂිතව සිටී නම් විවාහ විය යුතුයි යන්න අදටත් සමාජයේ මුල් බැසගත් මතයකි.
යන්තම් යොවුන් විය එළැඹෙන විටම ගැහැණු දරුවන් විවාහ විය යුතු යයි සිතන දෙමව්පියන් අදටත් සිටිනවා.
එහෙත් විවාහය තුළද ගැහැණු දරුවන් අනාරක්ෂිත විය හැකි බව ඇය සඳහන් කළේ රූපවාහිනි සංවාදමය වැඩසටහනක් අතරතුරදීය.
ඇය එහිදී පෙන්වා දුන්නේ විවාහය යනු ගැහැණු දරුවකුගේ එකම පිහිට.. එකම ආරක්ෂාව.. යන්න වෙනස් කිරීමට කාලය එළැඹී ඇති බවයි.
“දෙමව්පියන් බොහෝ දුරට ගැහැණු දරුවෙක් බන්දන්නේ එයාගේ ආරක්ෂාව ගැන හිතලා. එයාව සමාජයෙන් බේරගන්න. එයාල වයසට ගියාම බලාගන්න කෙනෙක් නැති නිසා. කොහොමද කියන්නේ ගැහැණු දරුවෙක් විවාහ වූ පමණින්ම ඇය ආරක්ෂිතයි කියලා. සමහර විට ඒ මනුස්සයයා මැරෙන්න පුළුවන්. නැත්නම් දාලා යන්න පුළුවන්. කොහොමද කියනේ විවාහ වූ පමණින්ම ඒ ළමයා ආරක්ෂිතයි කියලා. මම නම් හිතන්නේ ගෑණු ළමයෙක් හදන්න ඕන ආරක්ෂාව දීලා, අධ්‍යාපනය දීලා, ජීවත් වෙන්න හොඳ වටපිටවක් හදලා. රැජිනක් වගේ ජීවත් වෙන්න පුළුවන් කෙල්ලක් හදන්න ඕන. අම්මලා තාත්තලට කරන්න පුළුවන් නම් ඒ දේ ඒක තමයි ලොකුම දේ. කසාදය නෙවෙයි. කසදය කියන්නේ පාර්ට්නර් කෙනෙක්. තමන්ගේ දේවල් බෙදාගන්න. ආදරය, ලිංගිකත්වය බෙදා ගන්න කෙනෙක් විතරයි. හොඳ සහකරුවෙක් කමක්නැහැ. නමුත් විවාහය කියන නම ඒක ගැහැණු දරුවෙකුට ආරක්ෂිතයි කියන එක දැන් සමාජයෙන් ඈත් කරන්න ඕන”
