“Artemis II’’ සඳ වෙත ගමන් අරඹයි

වසර 53කට පසුව සඳ ගවේෂණ චාරිකාවක් සඳහා ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් “Artemis II’’ යානය සාර්ථකව ගමන් ආරම්භ කර තිබෙනවා.
 
ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (02) අලුයම 4.00ට පමණ මෙම යානය සිය මෙහෙයුම් කටයුතු ෆ්ලෝරිඩාවේ කේප් කැනවරල්හි පිහිටි කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ආරම්භ කළා.
 
මෙම ඓතිහාසික ගමනට පළමුවරට කාන්තාවකද ඇතුළුව සිව් දෙනෙකුගෙන් යුත් ගගනගාමීන් කණ්ඩායමක් එක් වුණා. මෙම මෙහෙයුමට එක්ව සිටින්නේ,
රීඩ් වයිස්මන් (Reid Wiseman)
වික්ටර් ග්ලොවර් (Victor Glover)
ක්‍රිස්ටිනා කෝක් (Christina Koch)
ජෙරමි හැන්සන් (Jeremy Hansen) (කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය) යන ගගනගාමීන් සිව් දෙනාය.
 
දින 10ක් පුරා සිදුවන මෙහෙයුම අතරතුර ඔරියන් අභ්‍යවකාශ යානය චන්ද්‍රයා වටා ගමන් කිරීමට නියමිතය.
 
මෙහිදි සඳ මත ගොඩබැසීමක් හෝ කක්ෂගත වීමක් නොවන බවද වාර්තා වෙනවා.
 
මෙය 1972 දී සිදු වූ Apollo 17 Fයානයේ සඳ ගමනට පසු චන්ද්‍රයා ආසන්නයට යන මිනිසාගේ පළමු සඳ ගමනයි.

Latest News

error: Content is protected !!