රන්බීර් ‘රාමා’ට ගැළපෙන්නේ නැහැ.. රාමායණය ටීසරය නිකුත් වීමෙන් පසු ඉන්දියාව කැළඹේ

රන්බීර් කපූර් (Ranbir Kapoor)ගේ වඩාත්ම බලා සිටි චිත්‍රපටය වන රාමායණයේ පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමත් සමඟ ඉන්දියානු රසිකයින් අපේක්ෂාභංගත්වයට පත් වී ඇති බව වාර්තා වුණා.

නිතේෂ් තිවාරි අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයෙන් රන්බීර් කපූර් නිරූපනය කරන ‘රාමා’ චරිතය හෙළිදර කළ අතර එය බොහෝ දෙනෙක් තුළ කළකිරීමකට හේතුවුණා.

විශේෂයෙන් රන්බීර් කපූර් ‘රාමා’ චරිතය නිරූපනය ගැන මිශ්‍ර ප්‍රතිචාර ලැබෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ. බොහෝ දෙනෙක් එම චරිතයට ඔහු නොගැළපෙන බව සඳහන් කර තිබෙනවා.

ඔවුන් එය ප්‍රභාස්ගේ අසාර්ථක චිත්‍රපටයක් යැ‍යි සැලකෙන Adipurush සමඟ සන්සන්දනය කරමින් එය මෙයට වඩා හොඳ බව පවසා තිබෙනවා. Adipurush චිත්‍රපටයේ රාමා චරිතය නිරූපනය කළේ ප්‍රභාස් විසිනි.

විශේෂයෙන් VFX, visuals ගැන ඉහළ බලාපොරොත්තු තබා තිබුණත් කතාවේ ගැඹුර ටීසර් එකෙන් නොදැනෙන බවට ඔවුන් චෝදනා කර තිබෙනවා.

Latest News

error: Content is protected !!