අමෙරිකානු හමුදා කටයුතු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන එරට හමුදාවන්ගේ අමුතු හැසිරීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ උණුසුම් සංවාදයයක් මතු වෙමින් පවතී.
ඉරානය සමඟ යුද වාතාවරණය අතර හමුදා සාමාජිකයන්ගේ හැසිරීම් අමුතු වී ඇති බව පවසන්නේ සැන් ඩියගෝ ප්‍රදේශයේ TikTok හි ප්‍රසිද්ධ නර්තන ශිල්පිනියක් වන චාම් ඩේස් Charm Daze නම් තරුණියක් විසින්.
අදාළ වීඩියෝවේ ඇය පවසන්නේ සමීප හමුදා කඳවුරු වලින් පැමිණෙන තරුණ සෙබලුන් බොහෝ දෙනා තමා සේවය කරන ක්ලබ් වෙත පැමිණ, සිය මුදල් සියල්ලම වියදම් කරමින් “අසතුටින්” හැසිරෙන බවයි.
ඔවුන් පැමිණෙන්නේ විනෝද වීමට වුවත් ඇතුළතින් දුක්ඛිත බවක් පෙනෙනන්නට තිබෙන බව ඇය එම වීඩියෝව ඔස්සේ අනාවරණය කර තිබෙනවා. ඔවුන් බොහෝ දෙනෙක් ඉදිරි සතියේ යුද කටයුතුවලට අනුයුක්ත වීම පිළිබඳ දුකකින් පසුවන බවයි ඇය පෙන්වා දෙන්නේ. එමෙන්ම, මෙම තරුණ සෙබලුන් “බාල වයස්කාර” ලෙස හැඟෙන බවත්, ඔවුන් සමඟ අවසන් වරට වෙන් වූ මොහොත ඉතා සංවේදී අත්දැකීමක් වූ බව ඇය විස්තර කර තිබෙනවා.
මෙම වීඩියෝව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීමත් සමඟ අමෙරිකාව ඉරානයට එරෙහිව විශාල හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටිනවාද යන්න පිළිබඳ සැකය ද තවදුරටත් වර්ධනය වී තිබෙනවා.
සැන් ඩියගෝ ප්‍රදේශය තුළ සැන් ඩියාගෝ නාවික කඳවුර (Naval Base San Diego), කොරොනාඩෝ නාවික කඳවුර (Naval Base Coronado) සහ පෙන්ඩල්ටන් කඳවුර (Camp Pendleton) වැනි විශාල හමුදා මධ්‍යස්ථාන තිබීම මෙම අවධානය වැඩි කිරීමට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර මෙම වීඩියෝව හා මෙවැනි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය වීම එරට ආරක්ෂක රහස්‍යභාවයන් පිළිබඳ බරපතල කණස්සල්ලට හේතු වී ඇති බව සඳහන් වෙනවා.
මෙවැනි තොරතුරු පොදු ස්ථානවල හෝ අනවශ්‍ය පුද්ගලයන් සමඟ බෙදා නොගන්නා ලෙස එරට ආරක්ෂක විශ්ලේෂකයින් උපදෙස් ලබා දී ඇති බව ද සඳහන්ය.
