ලෝකය පුරා ජනප්‍රියත්වයට පත්වූ “KPop Demon Hunters” චිත්‍රපටය හේතුවෙන්, ගායන ශිල්පිනිය සහ ගීත රචිකාවක් වන ඊජේ (EJAE) ලැබූ ආදායම පිළිබඳ නොයෙකුත් කතා පැතිර යමින් තිබෙනවා.
KPop Demon Hunters නම් action-fantasy animation චිත්‍රපටය Critics Choice Awards, Golden Globes, Grammys වැනි ගෝලීය සම්මාන උළෙලවල ජයග්‍රහණ හිමි කරගත් අතර 98 වැනි ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම සජීවිකරණ චිත්‍රපටය (Best Animated Feature) හා හොඳම ගීතය (Best Original Song) වැනි සම්මාන ද දිනා ගත්තා.
සමාජ මාධ්‍යවල පැතිරෙන වාර්තා අනුව, ඊජේ මෙම චිත්‍රපටයෙන් වොන් බිලියන 45.6ක (ඩොලර් මිලියන 34ක් පමණ) ආදායමක් උපයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
“Squid Game” නම් කතා මාලාවේදී දිනාගත හැකි බිලියන 45.6 ක (ඩොලර් මිලියන 34) ත්‍යාගය සමඟ ඇගේ ආදයම සන්සන්දනය කරමින්”You Quiz on the Block” නම් රූපවාහිනි වැඩසටහනේදී ඇගෙන් අසන ලද ප්‍රශ්නය නිසා ඇගේ ආදායම් එම මුදලට සමාන විය හැකි බවට වන කතා ආරම්භ වූ බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් ඊජේ එම මුදල තහවුරු නොකළ අතර “ඇත්තටම තවම මට හරියටම දන්නෙ නැහැ. ඒකට කාලයක් ගන්න වෙනවා” යැයි කියා තිබෙනවා.
චිත්‍රපටයේ soundtrack එක ලෝකය පුරා ජනප්‍රිය වූ අතර Golden, Soda Pop, Your Idol වැනි ගීත Billboard charts වල ඉහළම ස්ථාන දක්වා පැමිණීමත් සමඟ, ආදායම් ප්‍රමාණය තවත් වැඩිවිය හැකි බව කර්මාන්තයේ විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත් ඊජේ තම ආදායම ගැන සඳහන් කරමින් තම මවට තෑග්ගක් අරගෙන දීමට කැමති බවත් නොවැම්බර් මාසයේ විවාහයට සූදානම් වන බවයි පවසා ඇත්තේ.
