BTS කණ්ඩායම ඔවුන්ගේ නව Arirang ඇල්බමය නිකුත් කිරීමත් සමඟ අමෙරිකානු Billboard ඩිජිටල් ගීත අලෙවි (Digital Song Sales) දර්ශකයේ අංක එක (No.1) බවට පත් වී තිබෙනවා.
Arirang ඇල්බමයේ “Swim” ගීතය සමග ඔවුන් Digital Song Sales චාර්ට් එකේ ඉහළම තැනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගීතය ඇමරිකාවේ ඩිජිටල් විකිණීම් ප්‍රමාණය ආරම්භ වුණේ 95,300 කට අධික ප්‍රමාණයකිනි.
මේ දර්ශකය මඟින් මිනිසුන් Dowunlods හරහා සිදුකරන මිලදී ගැනීම් ගණනය කරනු ලබනවා.
එයට (YouTube / Spotify) වැනි Streaming ඇතුළත් වන්නේ නැහැ.
මෙම වාර්තාවලට CD විකුණීම් ඇතුළත් නොවූ අතර ගීත ඇතුළත් තනි CD පට දහස් ගණනින් අලෙවි වී ඇති බව වාර්තා වෙනවා.
Swim ගීතය Digital Song Sales චාර්ට් එකේ No.1 බවට පත් වූ BTS කණ්ඩායමේ 13වැනි ගීතයයි.
ඔවුන්ට මෙම දර්ශකයේ Top 10 ගීත 46ක් හා මුළු ඇතුළත්කිරීම් 86 ක් තිබෙනවා.
මෙම ජයග්‍රහණය සමඟ BTS, ජස්ටීන් බීබර් (Justin Bieber) සමඟ සම තැනට පත් වූ අතර එමිනෙම් හා බියොන්සේ අභිබවා යාමට ද සමත් වුණා.
