නිළි රැජිණගේ ජීවිත කතාව චිත්‍රපටයකට නඟයි..

සිංහල සිනමාවේ නිළි රැජින මාලිනී ෆොන්සේකාගේ ජීවිත කතාව පාදක කොටගෙන නිර්මාණය කෙරෙන “රැජිණියේ” චිත්‍රපටයේ මූලික කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා.

මෙහි මූලික අදියරේ සාකච්ඡා පසුගිය දා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

නිළි රැජින මාලනී ෆොන්සේකාගේ චරිතය අළලා සිදුකෙරෙන නිර්මාණයක් යනු දැවැන්ත සිනමා කාර්යයකි.

ඒ සඳහා ඇයගේ රූපයට, තරු ගුණයට හා හැකියාවට සමාන වන නිළියක් වර්තමාන ක්ෂේත්‍රයෙන් තෝරා ගැනීමට සිදුවනු ඇත.

නිෂ්පාදක කණ්ඩායම ඒ සඳහා තෝරා ගන්නා නිළිය පිළිබඳ කිසිවක් ප්‍රකාශ කර නැහැ.

එහෙත් ප්‍රේක්ෂකයින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වමින් මාලනියගේ චරිතය නිරූපනය සඳහා වර්තමානයේ ජනප්‍රියම නිළියන් අතර සිටින දුශේනි මියුරංගි සුදුසු බව ප්‍රකාශ කර තිබෙනවා. තවත් අය ඒ සඳහා ඇගේ ඥාති දියණියක වන සොනාලි ෆොන්සේකා හෝ ශලනි තාරකා සුදුසු බවයි කියා ඇත්තේ.

තවත් අය එයට නයනතාරා වික්‍රමාරච්චි හොඳ බවද පවසා තිබෙනවා.

එමෙන්ම නිළි රැජිනගේ ජීවිත කතාව අළලා කරන සිනමා නිර්මාණයකට විජය කුමාරණතුංග, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවර්ධන වැනි දැවැන්ත චරිතද ප්‍රති නිර්මාණය කිරීමට සිදුවනු ඇති.

මූලික සාකච්ඡාවල වාර්තා වූ ඡායාරූපවල නව පරපුරේ නළුවෙකු වූ දමිත් විජයතුංගද දැකගත හැකිය.

ඔහු මෑතකදී ක්ලැරන්ස් විජයවර්ධන මහතාගේ චරිත කතාව පදනම් වූ Clarence: Rethem of the Guitar චිත්‍රපටයේ ක්ලැරන්ස්ගේ චරිතය නිරූපනය කළා. ඉන්පසු බොහෝ දෙනෙක් ඔහුගේ රූපය විජය කුමාරණතුංග මහතාගේ රූපයට සමාන බවට මත පළ කර තිබුණා.

චිත්‍රපටය පිළිබඳ මූලික සාකච්ඡා ජයන්ත ධර්මදාස හා චන්දික නානයක්කාරගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!