ලුවී විටෝන් ලක්ෂරි ලයිෆ් එක බල්ලට දමයි… අලුත්ම අමුතු බෑග් එක රු ලක්ෂ 57ක්…

ප්‍රසිද්ධ සන්නාමයක් වන ලුවී විටෝන් (Louis Vuitton) විසින් නවතම නිෂ්පාදනයක් ලෙස සුනඛ හැඩයට නිර්මාණය කළ අමුතු බෑගයක් හඳුන්වා දී තිබෙනවා.

XXL අනුවාදයේ මිල ඩොලර් 18,500 (රු.5,735,000) ක් ලෙසයි නම් කර ඇත්තේ.

එහි අනන්‍ය අපූරු හැඩය නිසා සමාජ මාධ්‍ය තුළ ද විශාල ලෙස අවධානය දිනාගෙන තිබෙනවා.

සමහරු එය කලාවක් ලෙස හඳුන්වා ඇති අතර තවත් අය ඉතා මිල අධික සුඛෝපභෝගී ලෝකය විවේචනය කිරීමටත් මේ බෑගය උදාහරණයට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එය නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රධානම අරමුණ වූ අවධානය දිනා ගැනීම අතින් නම් සාර්ථක වී ඇති බවයි සඳහන් වන්නේ.

Latest News

error: Content is protected !!