සීතා දේවියට සායි පල්ලවී තරම් සුදුසු වෙනත් නිළියක් නැහැ

පළමු දිනයේ, මට මතකයි, මම ඇයව සීතා ලෙස දුටු විට, මම නිතේෂ් සර් දෙස බැලුවා,

අපි දෙන්නම දැනගෙන හිටියා ඇයට වඩා හොඳ කෙනෙක් අපට තෝරා ගත නොහැකි බව.”

මේ තිරගත වීමට නියමිත ඉන්දීය ඉතිහාසයේ දැවැන්තම චිත්‍රපටයක් වන රාමායණයේ සීතා දේවිය ගැන රාමාගේ අදහසයි.

රන්බීර් කපූර් රාම දෙවියන් ලෙස රංගනයෙන් දායක වන නිතේෂ් තිවාරිගේ රාමායණ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මෑතකදී ලොස් ඇන්ජලීස් හි පැවති විශේෂ දර්ශනයකදී එළිදැක්වුවා.

මෙම උත්සවයේදී, රන්බීර් මාධ්‍ය සහ රසිකයන් සමඟ අදහස් හුවමාරු කරගත් අතර සීතා ලෙස සායි පල්ලවි සහ රාවණා ලෙස යාෂ් ගැනද අදහස් පළ කරමින් එසේ කියා සිටියා.

සායි පල්ලවි සීතා ලෙස දුටු පසු, ඔවුන් තෝරා ගත්තේ නිවැරදිම කෙනා බව තහවුරු වූ බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම එම චරිතයට ඇයට වඩා සුදුසු වෙනත් නිළියක් නොමැති බව ඔහු එහිදී ප්‍රකාශ කළා.

Latest News

error: Content is protected !!