සයියාරා චිත්‍රපටය නිසා එක රැයින් බොලිවුඩය පුරා ජනප්‍රිය වුණු නවක නිළියක වන අනීත් පඩ්ඩාට (Aneet Padda) සමාජ විරෝධයක් එල්ල වෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
“Boycott Aneet Padda” යන hashtag එක X සහ Instagram වැනි platform වල trend වෙමින් පවතින බවයි සඳහන් වන්නේ.
🔥 මෙම විවේචනයට මුල් වූයේ අනීත්ගේ සහෝදරිය විසින් Dhurandhar: The Revenge චිත්‍රපටය පිළිබඳ කළ ප්‍රකාශයකි.
ඇය මෙම චිත්‍රපටය “propaganda film එකක්” ලෙස විවේචනය කර තිබුණා. එයට දැඩි ලෙස විරුද්ධ වුණු ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් ඇය රටට එරෙහිව මත පළ කරන්නියක් යැයි දෝෂ දර්ශනයට ලක් කර තිබෙනවා. එහෙත් තවත් කණ්ඩායමක් එය අදහස් පළ කිරීමේ නිදහස යැයි තර්ක කරමින් සිටියදී මෙම ප්‍රකාශයට විරුද්ධ කණ්ඩායම් අනීත්ව ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව “Boycott Aneet Padda” hashtag එකෙන් ඇයට විරුද්ධ පෝස්ට්, meme සහ reaction video විශාල වශයෙන් share වෙමින් යනවා.
අනීත්ගේ සොයුරිය රීත් පාකිස්තානු ජාතිකයෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වන බවට ද ඔවුන් චෝදනා කරන බවයි වාර්තා වන්නේ.
