ඉරානය සම්පූර්ණයෙන් වනසා දමන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්..

අවශ්‍ය නම් එක් රාත්‍රියකින්ම ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කළ හැකි අතර අවශ්‍ය නම් එය “හෙට රෑ” වුවද සිදු විය හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා.

ඉරානය ලබා දී ඇති කාල සීමාව අතරතුර හෝර්මූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන්නේ නම් විදුලි බලාගාර, පාලම් වැනි මූලික යටිතල පහසුකම්වලට පහර දෙන බවට ද ඔහු මීට පෙර තර්ජනය කර තිබුණා.

ට්‍රම්ප් තම Truth Social වේදිකාවේ දැඩි ප්‍රකාශයක් කරමින් හෝර්මූස් විවෘත කිරීමේ අවසන් වෙලාව ලෙස “අඟහරුවාදා රාත්‍රී 8.00 (Eastern Time)” යන කාල සීමාව ලබා දී තිබෙනවා.

අවශ්‍ය නම් පාලම්, විදුලිබලාගාර පමණක් නොව, එයටත් වඩා භයානක ක්‍රියාමාර්ග ද ගත හැකි බවයි ඔහු අවධාරණය කර තිබෙන්නේ.

යුද්ධය අවසන් කිරීමට කටයුතු කරන රටවල් විසින් දින 45ක සටන් විරාම යෝජනාවක් ඉදිරිපත් කර ඇති නමුත් එය ප්‍රමාණවත් එකක් නොවන බවද ඔහු පවසා තිබෙනවා.

මේ අතර ඉරානය සිය දැඩි ස්ථාවරය වෙනස් නොකරමින් පවසා ඇත්තේ ඉරානයට එරෙහි යුද්ධය සම්පූර්ණයෙන් නතර නොකරන තුරු හා සිදු වූ විනාශයට වන්දි ලබා දෙන තුරු යුද්ධය නතර නොකරන බවයි.

Latest News

error: Content is protected !!