ශේෂාද්‍රි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයයි.. ක්‍රිෂාන් මාලන්ගේ සංවේදී හෙළිදරව්ව

(Lakvahini) – තමන් මුහුණ දුන් අභියෝගාත්මක වටපිටාවකදී ශේෂාද්‍රි ප්‍රියසාද් හමුවීම තමන්ගේ පෞද්ගලික මෙන්ම ආධ්‍යාත්මික ජීවිතයේද විශාලතම හැරවුම් ලක්ෂ්‍යය වූ බව ප්‍රකට සංගීතවේදී සහ ව්‍යවසායක ක්‍රිෂාන් මාලන් පෙරේරා පවසයි. ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ඇයගේ ආගමනයත් සමඟ තමන්ගේ ජීවිතයේ බොහෝ දේ ධනාත්මක ලෙස වෙනස් වූ බවයි.

තමන්ගේ පවුලේ වටිනාකම්, වෘත්තීය පසුබිම සහ ක්ෂේත්‍රය තුළ මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව ඔහු එහිදී දීර්ඝ වශයෙන් කරුණු අනාවරණය කළේය.

ඒකාබද්ධ පවුල් සංස්කෘතිය සහ ආධ්‍යාත්මික පදනම..

තමන්ගේ පවුල තුළ පවතින දැඩි එකමුතුකම සහ ආගමික නැඹුරුව පිළිබඳව අදහස් දක්වමින් ක්‍රිෂාන් මාලන් ප්‍රකාශ කළේ, වර්තමානයේ පවුලක් ලෙස එක්ව යාඥා කිරීම (Prays) තම දෛනික ජීවිතයේ ප්‍රධාන අංගයක් වී ඇති බවයි.

“ඉස්සර මම මේ වගේ ආගමික දේවල් වලට නැඹුරු වුණු කෙනෙක් නෙමෙයි. නමුත් ක්ෂේsharedද්‍රි මගේ ජීවිතයට ආවට පස්සේ මගේ ආධ්‍යාත්මික පැත්ත සෑහෙන්න දියුණු වුණා. අද අපි පවුලක් විදිහට එකතු වෙලා දෙවියන් වහන්සේට ස්තූති කරනවා. ඒකෙන් අපේ පවුලේ එකමුතුකම තවත් ශක්තිමත් වෙනවා,” යැයි ඔහු පැවසීය.

ඔවුන් දෙදෙනාම සමාන අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දී සිටි වකවානුවකදී එකිනෙකා හඳුනා ගැනීමට ලැබීම විශේෂත්වයක් බවද ඔහු සිහිපත් කළේය.

“ශේෂාද්‍රිගේ සැමියා” ලෙස ලැබෙන අනන්‍යතාව..

ක්ෂේත්‍රයේ මුල් කාලයේදී තමන් සංගීතය වෙනුවෙන් කළ කැපකිරීම් පිළිබඳව සමාජය නොදන්නා බව පෙන්වා දුන්නේය.

“අද අපි කොහේ ගියත් සමාජය මාව මුලින්ම හඳුනන්නේ ‘ශේෂාද්‍රිගේ හස්බන්ඩ්’ (Husband) විදිහට. ඒක මම වැරැද්දක් විදිහට දකින්නේ නැහැ, ඒක තමයි වර්තමාන රියැලිටි එක. හැබැයි ඒ කාලේ අපි සින්දුවක් කරන්න, මියුසික් කරන්න කීබෝඩ් උස්සගෙන ස්ටුඩියෝ ගාණේ කොච්චර කට්ටක් කෑවද කියලා දන්නේ සමහරු විතරයි,” ඔහු පැවසීය.

කෝල් සෙන්ටර් සේවකයාගේ සිට ඇඟලුම් ක්ෂේත්‍රයේ විධායකයෙකු දක්වා..

තමන්ගේ වෘත්තීය පසුබිම පිළිබඳව කරුණු දක්වමින් ක්‍රිෂාන් මාලන් සඳහන් කළේ තමන් කොළඹ සෙන්ට් ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර, තමන්ගේ මව්පියන් සහ නැගණිය මේ වන විට ස්පාඤ්ඤයේ (Spain) පදිංචිව සිටින බවයි.

තමන්ගේ ප්‍රථම රැකියාව ලෙස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමට පෙර මොබිටෙල් (Mobitel) ආයතනයේ සේවා සැපයුම් මධ්‍යස්ථාන (Call Center) නිලධාරියෙකු ලෙස සේවය කළ බව ඔහු හෙළි කළේය. අනතුරුව හෙලාස් (Hela), බ්‍රැන්ඩික්ස් (Brandix) සහ ලොව ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන වික්ටෝරියාස් සීක්‍රට් (Victoria’s Secret) යන ආයතනවල මර්චන්ඩයිසර් (Merchandiser) කෙනෙකු ලෙස වසර නවයකට අධික කාලයක් ඇඟලුම් ක්ෂේත්‍රයේ (Apparel Industry) නිරත වී සිටි බවත්, ඉන් පසුව තමන්ගේ වෘත්තීය ගමන වෙනස් මඟකට යොමු වූ බවත් ඔහු සඳහන් කළේය.

ව්‍යවසායකත්වය සහ අනාගත දැක්ම..

සාර්ථක ව්‍යවසායකත්වයක් සඳහා මූල්‍ය ආයෝජනය පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ක්‍රිෂාන්, වෘත්තීය මට්ටමින් තම වෘත්තීය ගමන (Career) කළමනාකරණය කරන පුද්ගලයෙකු සැමවිටම අනාගතය පිළිබඳව සිතිය යුතු බව අවධාරණය කළේය.

තමන්ගේ එකම දියණිය වන ක්‍රිෂාර්යා සමඟ පවතින දැඩි සමීපතාවය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, දියණිය වෙනුවෙන් ලොව සිටින හොඳම මිතුරා (Best Friend) වීම තමන්ගේ එකම අපේක්ෂාව බවයි. අවසාන වශයෙන්, තමන් ලැබූ සියලු දේ දෙවියන් වහන්සේගේ ආශීර්වාදයන් (Blessings) බවත්, ඉදිරියේදී ද නැතිබැරි මිනිසුන්ට උපකාර කරමින් ජීවිතයට මුහුණ දීමට බලාපොරොත්තු වන බවත් ක්‍රිෂාන් මාලන් පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Lakvahini – Sri Lanka Latest News

Latest News

error: Content is protected !!