රෑට ආපු වීඩියෝ කෝල් Answer නොකල නිසා ‘ජානු’ට චිත්‍රපට 3ක්ම නැතිවෙලා?

(Lakvahini) – ලස්සන, දක්ෂ වගේම ජනප්‍රිය නිළි කවිහාරි ගැන තමයි මේ කියන්න යන්නේ. කොළඹ ආවට පස්සේ එයාට ක්ෂේත්‍රයෙන් ආපු බලපෑම් ගැන කවිහාරි කරපු ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ගැන දැන් හැමතැනම කතා වෙනවා.
 
ඔන්න බලාගන්නකෝ සිද්ධිය! 😮
 
කවිහාරිට පහුගිය කාලේ ෆිල්ම්ස් තුනකටම ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි වැඩේ කියන්නේ… ඒ කතා කරපු ඩිරෙක්ටර්ස්ලා රෑට රෑට කවිහාරිට වීඩියෝ කෝල් ගන්න පටන් අරන්!
 
පළවෙනි ඩිරෙක්ටර්: කෝල් එක ගත්ත ගමන්ම කවිහාරි වැඩේ තේරුම් අරන් ‘බ්ලොක්’ කරලාම දාලා! 🚫
 
දෙවෙනි ඩිරෙක්ටර්: මෙයා කෝල් එක ගනිද්දී කවිහාරි ඉඳලා තියෙන්නේ ෂූටින් සෙට් එකේ. අපේ කෙල්ල මොකද කරලා තියෙන්නේ? ෆෝන් එක කැමරා, ලයිටින් කරන සෙට් එකේ හැමෝටම හරවලා ඩිරෙක්ටර්ට ‘සප්‍රයිස්’ එකක් දීලා! එතනින්ම ඒ කතාව ඉවරයි. 😂
 
තුන්වෙනි සිද්ධිය: ගෝල්ෆේස් ඇපාට්මන්ට් එකකට මීටින් එකකට එන්න කියලා, තව ලේඩීස්ලා දෙන්නෙකුත් ඉන්නවා කියලා. ලේඩීස්ලා ඉන්න නිසා ඕකේ කියලා හිටියා. මීටින් එකට කලින් දවසේ රෑ එක්කෙනෙක්ට එන්න හම්බවෙන්නේ නැහැ, අනිත් එක්කෙනා ඉන්නවා කියලා. මීටින් එක දවසේ උදේ එයත් නැහැ කියලා. කවිහාරි ක්ෂණිකව ඒකත් බ්ලොක් කරලා දාලා!
 
අන්තිමේදී වීඩියෝ කෝල්ස් වලටයි, නරක යෝජනා වලටයි අහු නොවුණ නිසා කවිහාරිට ඒ ෆිල්ම්ස් තුනම නැති වෙලා තියෙනවා.
 
හැබැයි කවිහාරි කියන්නේ නම්, ක්ෂේත්‍රයට එන්න ආසාවෙන් නරක විදිවලින් හැදෙන්න හදන අය අතරේ, තමන්ගේ ආත්මගරුත්වය රැකගෙන, මේ වගේ බලපෑම් ප්‍රතික්ෂේප කරලා කෙලින් ඉන්න එක තමයි වටින්නේ කියලා. 👑✨

Latest News

error: Content is protected !!