(Lakvahini) – ඔන්න අදත් අපේ Gossip එකෙන් අරන් ආවා ලංකාවේ ඉන්න සුපිරිම, දක්ෂම නිළියක් ගැන අලුත්ම විස්තරයක්. ඒ වෙන කවුරුත් නෙවෙයි, අපේ ආදරණීය උමාලි තිලකරත්න!
ඔයාලා දන්නවනේ මේ දවස්වල හිරු ටීවී එකේ යන “බැද්දේගම” ටෙලිනාට්‍යය ගැන? අන්න ඒකේ එන “පුංචි මැණිකා”ගේ චරිතය ගැන උමාලි අපූරු කතාවක් කියලා තියෙනවා.
මේ චරිතය උමාලිට කොච්චර බරක් වුණාද කියනවා නම්, සමහර තැන්වලදී දරාගන්නම බැරුව උමාලි “මට නම් මේක කරන්න බැහැ” කියලාත් තියෙනවලු!
හැබැයි ඉතින් ඩිරෙක්ටර් ඇතුළු ටීම් එකේ සපෝට් එක හින්දා කොහොමහරි වැඩේ ලස්සනට කරලා.
ඒ විතරක් නෙවෙයි! මේ චරිතයේ තියෙන ස්වභාවික ගතිය ගන්න උමාලිට එක විශේෂ ඉල්ලීමක් කරලාලු. මොකක්ද දන්නවද? සාමාන්‍යයෙන් නිළියන් කැමරාව ඉස්සරහට එද්දී මුහුණේ තියෙන සියුම් රෝම එහෙම Thread කරලා ලස්සන වෙලානේ එන්නේ. හැබැයි “බැද්දේගම” ඩිරෙක්ටර් කියලා තියෙනවා “අනේ උමාලි… ඕවා කිසිම දෙයක් කරන්න එපා… ඔය ඉන්න විදිහටම ස්වභාවිකව ඉන්න” කියලා!
ගමේ කෙල්ලෙක්ගේ දරිද්‍රතාවය, අහිංසකකම වගේම පට්ටම දරාගැනීමක් තියෙන ගැහැණු චරිතයක් තමයිලු පුංචි මැණිකා කියන්නේ. අන්තිමේදී හැමෝම නැතිවෙලා තනි වුණත්, තමන්ගේ ආදරයයි, විශ්වාසයයි වෙනුවෙන් නොසැලී ඉන්න චරිතයක්ලු මේක.
