යුරෝපා දූපතේ ආයෝජනය ගැන ඇමති ටිරාන්ගෙන් CIDයට පැමිණිල්ලක් !

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (15) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

දුමින්ද නාගමුව මහතා 2023.08.12 වෙනිදා පැවති මාධ්‍ය හමුවකදී ටිරාන් අලස් මහතා ජනතා විමුක්ති පෙරමුණ සමග යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ඇති බව පවසා තිබිණි. ඒ අනුව මෙම ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් ඉල්ලා අද පස්වරුවේ ටිරාන් අලස් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර ඇත්තේ තමා සැමවිටම තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට නියෝග දුන් බවත් මෙම සිද්ධියේදී ද එය එසේම ක්‍රියාත්මක වෙතැයි බලාපොරොත්තු වන බවත් ය. විශේෂයෙන්ම මෙවැනි චෝදනාවන්හි සත්‍ය අසත්‍යතාවය ජනතාව කඩිනමින් දැනගත යුතුබව ටිරාන් අලස් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Latest News

More like this

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...