මව හා දියණිය ටිපර් මාරයාට ගොදුරු වෙති

අනුරාධපුර ජයන්ති මාවතේ කදිරේෂන් කෝවිල ඉදිරිපිටදී ඊයේ (21) දහවල් සිදු වූ රිය අනතුරකින් ස්කූටරයක ගමන් කළ මව සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

කඩ 30 දෙස සිට ජයන්ති වට රවුම දෙසට ගමන් කළ ටිපර් රථය, එම දිශාවටම ගමන් කළ ස්කූටරයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සමගි මාවත, යාය 14 කොලනිය, කලා ඔය පදිංචි ඩබ්ලිව්. පී. සශිකා දුලානි වීරසිංහ (36) සහ කේ. තිසනි ප‍්‍රියංසා නමැති 8 හැවිරිදි ඇගේ දියණියයි.

මේ සම්බන්ධව මැදවච්චිය, කැලෑගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ටිපර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

Latest News

error: Content is protected !!