වසරේ විශිෂ්ඨම ටෙස්ට් පන්දු යවන්නා සම්මානය ප්‍රභාත් ජයසූරියට

සියැට් ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ඨම ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත් විය.

ඊයේ (21) ඉන්දියාවේ මුම්බායි නුවර දී එම සම්මාන උළෙල පැවැත්විණි.

ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් තරග 09 කට ක්‍රීඩාකර දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 59කි.

එමෙන්ම වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ඉන්දියාවේ සුබ්මන් ගිල් සමත්ව තිබේ.

ඔහුට වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා මෙන්ම වසරේ ජාත්‍යන්තර පිතිකරු යන සම්මාන දෙක ද හිමි විය.

වසරේ හොඳම පන්දු යවන්නාට හිමි සම්මානය නවසීලන්තයේ ටිම් සවුතිට හිමිවිය.

හොදම පන්දුවාර විස්ස පිතිකරු සම්මානය ඉන්දියාවේ සුර්යකුමාර් යාදව්ට සහ පන්දුවාර විස්ස හොඳම පන්දු යවන්නා ලෙස බුවනේෂ්වර් කුමාර් සම්මාන දිනා ගන්නා ලදී.

එක්දින හොදම පන්දු යවන්නා ලෙස ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා සම්මානය හිමිකර ගත්තේය.

Latest News

More like this

ලාරාගේ වාර්තාව නොකැඩූ මෝල්ඩර් ක්‍රිකට් මවිතයට පත් කළ හැටි

ටෙස්ට් ඉනිමක වැඩිම පෞද්ගලික ලකුණු ලබා ගත් බ්‍රයන් ලාරාගේ...

කෝලිලාගේ IPL ජයග්‍රහණ සැමරුම අතරතුර 11 දෙනෙකුට දිවි අහිමි වේ

ඉන්දීය ප්‍රිමිය ලීග් ශූරතාව දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ...

18 වතාවක් උත්සහ කර IPL ජයග්‍රහණය කළ ‘කිං කෝලි’

සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 300කට අධික අනුගාමිකයන් පිරිසක් විසින්...
error: Content is protected !!