නුවර පෙරහර බලන අයට පොලිසියෙන් අවවාදයක්

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා මාර්ග දෙපස එක්රොක්ව සිටින ජනතාවට දැඩි ඝෝෂාකාරී අයුරින් විවිධ නළා හැඬවීම සහ අධික විද්‍යුත් ධාරා සහිත එළිදැල්වීම නොකරන ලෙසට පොලිසිය ඉල්ලීමක් කරයි. මෙම අධික ශබ්දයෙන් යුත් නළාවක් හැඬවීමෙන් හා එහි කොටසක් හොඬයේ සංවේදී ස්ථානයක ගැටීමෙන් කලබලයට පත් වූ අලියකු පසුගියදා කලබලකාරීව හැසිරීම හේතුවෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන් පොලිසිය මෙම ඉල්ලීම කරයි.

පෙරහැර මාර්ගයෙන් බැහැරව නගරයේ අවැසි තැනක මෙම විවිධ ශබ්දයෙන් යුත් නළා වර්ග හැඬවීම හා විද්‍යුත් ආලෝක ධාරා සහිත කෙළිබඩු භාවිත කිරීමට තහනමක් නොමැති බවද පොලිසිය පවසයි.

Latest News

More like this

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...