ඉහළම ආරක්ෂක ලොක්කකු පසුපස රහස් පොලිසිය පන්නයි !

ජාතික ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය දරන දැනට සේවයේ නියුතු ඉහළම පෙළේ ආරක්ෂක අංශ ප්‍රධානියකු සම්බන්ධව විශේෂ රහස් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත්තේ නීතිපතිවරයා පොලිසියට ලබාදුන් ලිඛිත නියෝගයක් අනුවය.

පසුගිය වසරේ මාර්තු මස 01දා සිට මැයි 9 දක්වා අතර කාලය තුළ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට විධිමත් පියවර නොගැනීම, පැහැදිලි විධාන සහ නියෝග ලබා නොදීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකෙරෙන බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති නිවෙස ඉදිරිපිට විරෝධතා පැවැත්වීම, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මැති ඇමැතින්ගේ නිවාස ගිනි තබා විනාශ කිරීම, රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව තහවුරු නොකිරීම ඇතුළු බරපතළ චෝදනා ගණනාවක් මත මෙම විමර්ශනය සිදු කළ යුතු බවට නිර්දේශ කරන ලද්දේ ඒ සම්බන්ධව විමර්ශනය කිරීමට පත් කළ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් විසිනි.

මෙම පරීක්ෂණයේදී අදාළ ආරක්ෂක අංශ ප්‍රධානියාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කිරීමට නියමිත අතර පරීක්ෂණයෙන් පසු ඔහු සම්බන්ධව ඉදිරි පියවර ගැනෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

– deshaya.lk

Latest News

More like this

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...