රජිනිකාන්ත්ගේ Jailer සිනමා පටයට අධිකරණ නියෝගයක්

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරු තරුව රජිනිකාන්ත් රංගනයෙන් එක්වන නවතම Jailer සිනමා නිර්මාණය පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

ඒ එම Jailer සිනමාපටයට එරෙහිව අධිකරණයක් ලබාදුන් විශේෂ නියෝගයක් හේතුවෙනි.

අදාළ චිත්‍රපටයේ රූප රාමු කිහිපයක පෙනී සිටින කොන්ත්‍රාත් ගෙන මිනිසුන් ඝාතනය කරන අයෙකු විසින් IPL ක්‍රිකට් කණ්ඩායමක් වන RCB ජර්සියකින් සැරසී සිටී.

එයට එරෙහිව චිත්‍රපට නිෂ්පාදන සමාගමට එරෙහිව පැවරූ නඩුවක තීන්දුව ලබාදෙමින් අධිකරණය නියෝග කර ඇත්තේ එම රූපරාමු සකස්කරන ලෙසටය.

මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම චිත්‍රපට සමාගම විසින් අදාළ රූපරාමු ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් සංස්කරණය කිරීමට එකඟවී ඇති බවය.

අදාළ නියෝගය මගින් අධිකරණය වැඩිදුරටත් කළ නියෝගය අනුව සැප්තැම්බර් මස 01 වනදා සිට මෙලෙස සකස්කරන ලද Jailer චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

එසේම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ Jailer සිනමාපටය මේ වනවිටත් ඉන්දීය සිනමාවේ ආදායම් වාර්තා බිඳදමා ඇති බවය.

ඒ අනුව ලොවපුරා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර මේ වනවිට Jailer සිනමාපටය ලෝකය පුරා ප්‍රදර්ශනය හරහා උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 550කට ආසන්න බවට වාර්තාවෙයි.

Latest News

More like this

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...

දලයිලාමාතුමන් ග්‍රැමී සම්මානයට නිර්දේශ වේ

අධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන් මෑතකදී උන්වහන්සේගේ Meditations: The Reflections...