මාලිමා රජයක් යටතේ හේමා ප්‍රේමදාස බලාගැනීම සජිත්ටම පවරනවා

දරුවො මවුපියන් බලා ගත යුතුයි. සජිත්ගෙ මව බලාගන්නේ රජයෙන්. මාලිමාව රජයක් යටතේ මව බලාගැනීම පෞද්ගලිකව කර ගැනීමට පවරනවා’ යැයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පැවැසීය.
මාලිමාව බලයට ආවොත් ජනතාවගේ දේපළ, නිවාස රජයට පවරා ගන්නවා කියලා සජිත් කියනවා. අපි කියන දෙයක් තේරුම් ගන්නවත් එයාගෙ මොළේ හොඳ නෑ යැයි ඔහු කීය.

“අපේ එක සටන් පාඨයක් තමයි “හොරා කාපු ධනය නැවත පවරා ගත යුතුයි”. මේ පවරා ගත යුතුයි යන සටන් පාඨය විරුද්ධ පක්ෂ නායක සජිත්ට තේරුම් ගන්න බෑ. මාලිමාවේ ජයග්‍රහණය දකින නිසා, ජනතාවට කියනවා මාලිමාව බලයට ආවොත් ජනතාවගේ දේපළ, නිවාස රජයට පවරා ගන්නා බවට කතාවක්. සජිත්ට තේරෙන්නේ නෑ. එහෙම නැතිනම් මොළේ හොඳ නෑ. ජනතාව කළ යුතු වැඩ අපි කරන්නේ නෑ. ජනතාවගේ ව්‍යාපාර අපි පවරා ගන්නේත් නෑ. ජනතාවගේ වැඩ ජනතාව කළ යුතුයි.

ඔබ ඔබේ මවුපියන් බලා ගත යුතුයි. සජිත්ගේ මව බලාගන්නේ රජයෙන්. මාලිමාව රජයක් යටතේ මව බලා ගැනීම පෞද්ගලිකව කර ගැනීමට පවරනවා. මේ වගේ රජයෙන් නඩත්තු වෙන කිහිප දෙනෙක් ඉන්නවා. ඒවා අපි නතර කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු ගිහිල්ලා අවුරුදු පහටම දවස් 20ක් පාර්ලිමේන්තු වාර්තා කළ අයට විශ්‍රාම වැටුපක් ගෙවනවා. ඒ අය නඩත්තු කිරීම රජයට පවරාගෙන තිබෙනවා. මාලිමාව පාලනයක් යටතේ ඒවා අපි අත්හැර දමනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest News

More like this

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...

යෝජිත විදුලි පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

යෝජිත විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...

එජා මානව හිමිකම් මහ කොමසාරිස්ට වැරදීමක්.. සමලිංගික විවාහ නීති ගත කරන පනත් කෙටුම්පතක් ගෙනත් නැහැ..

ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක්...

චීන වවුලගෙන් පැතිරෙන බ්‍රෑන්ඩ් නිව් වෛරස 20ක් සොයාගනී

චීනයේ වවුලන්ගේ වකුගඩු ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණයකින් මිනිසුන්ට ආසාදනය...
error: Content is protected !!