2023 ආසියානු කුසලානයේ බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව පිලට විශිෂ්ඨ ජයක්

ආසියානු ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (31) සමත් විය.

ඒ, කඩුළු 5කින් තරගය ජයගනිමින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 164ක් පමණී.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් නජිමුල් හුසේන් ලකුණු 89ක් රැස්කර ගැනීමට සමත් විය.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාව හතරේ පහර 7ක් ද ඇතුළත් වේ.

පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ මතීෂ පතිරණ පන්දුවාර 7යි පන්දු 4කදී කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

මහීෂ් තීක්ෂණ කඩුළු 2ක් දවාගත්තේය.

අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල පන්දුවාර 39 කදි කඩුළු 5ක් දැවී ලකුණු 165ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක නොදැවී ලකුණු 62ක් රැස්කර ගත්තේය.

චරිත් අසලංක අද මෙලෙස වාර්තා කළේ සිය එක්දින ක්‍රිකට් දිවියේ 9වන අර්ධ ශතකයයි.

සධීර සමරවික්‍රම ලකුණු 54ක් රැස්කර ගැනීමට සමත් විය.

සධීර අද මෙලෙස වාර්ත කළේ සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන අර්ධ ශතකයයි.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...