රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන ඇමරිකානු තානාපතිට අවවාද කරන්න.. ජාතික සංවිධාන එකමුතුවෙන් පැමිණිල්ලක්

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චෑන්ග් රටේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බවට චෝදනා කරමින් ජාතික සංවිධාන එකමුතුව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙනවා.

ඇමරිකානු තානාපතිවරිය ඇමරිකානු න්‍යාය පත්‍රය අනුව මෙරට අභ්‍යන්තර දේශපාලන කටයුතු හැසිරවීමට කටයුතු කරමින් සිටින බවයි එම සංවිධානය පවසන්නේ.

මෙම කණ්ඩායම නියෝජනය කරමින් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා යුධ හමුදාපතිවරයා ඇතුළු නිලධාරීන් හමුවී තානාපතිවරිය ඔවුන්ට උපදෙස් ලබා දීමට ද කටයුතු කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වී තානපතිවරියට උපදෙස් ලබා දීම සඳහා විදේශ කටයුතු කිරීම විදේශ කටයුතු අමාත්‍යවරාගේ වගකීම බව ද එම සංවිධානය අවධාරණය කර තිබෙනවා.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...