ලාංකික දෙමළ සිනමා පටයක් වූ ‘සොප්පන සුන්දරී’ පසුගිය 25 වැනිදා සිට සිනමා ශාලා 07ක ප්‍රදර්ශනය ඇරැඹිණි.
‘සොප්පන සුන්දරී’ දමිළ සිනමා නිර්මාණය සිංහල උප සිරැසි සහිතව සැවෝයි වැල්ලවත්ත, කොන්කෝර්ඩ් දෙහිවල, රීගල් සිනමා දෙමටගොඩ, රීගල් ජැෆ්නා, නෙල්සන් ත්‍රිකුණාමලය, ජී. කේ. සිනමා කල්මුණේ, අමුත්ත සිනමා වවුනියාව යන සිනමා ශාලාවල ප‍්‍රදර්ශනය කෙරේ.
01 වැනිදා සිට වන්ගෝල්ෆේස් හි පිහිටි PVR සිනමා සංකීර්ණයේදී ද තිරගත කෙරේ.
මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ කජානන් කයිලානන්දන්. මාධවන් මහේෂ්වරන්ගේ අධ්‍යක්ෂණයක් වන සොප්පන සුන්දරී සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් ජොයෙල් ක්‍රිෂාන්ත්. ජීවානන්දන්ගේ සංගීතයෙන් හැඩවෙන මෙම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණයෙන් දායකවන්නේ චමල්. වර්ණ සංයෝජනයෙන් දිනිදු ජාගොඩ සම්බන්ධ වෙනවා.
ඒ වගේම තමයි මෙහි රංගන දායකත්වය සපයන්නේත් ලංකාවේම තරුණ තරුණියන්. විශේෂයෙන්ම නෙරංජනී ෂන්මුගරාජා මෙහි ප්‍රධාන චරිතයක් රඟදක්වනවා. ඊට අමතරව කජානන් කයිලනාතන්, ජොයෙල් ක්‍රිශ්, නරේෂ් නාගේන්ද්‍රන්, මාධවන් මහේෂ්වරන්, තනූෂන් චෙල්වනාතන්, වරූන් තුෂාන්තන්, ජෙනෝෂාන් ජෙයරත්නම්, රවී, පෙයාර්ලිජා ජෙයරාජන් ප්‍රධාන චරිත රංගනයෙන් දායක වේ.
2017 වසරේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ මෙම සිනමා නිර්මාණය වසර හයක් පුරාවට නිෂ්පාදන කටයුතු සිදුකර තිබේ. චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු වෙනුවෙන් පමණක් මේ වනවිට රුපියල් මිලියන හතර හමාරක් පමණ වියදම් කර තිබේ. චිත්‍රපටය සිංහල උපසිරැසි යොදා තිබෙන බැවින් සිංහල ප්‍රේක්ෂකයින්ටත් සොප්පන සුන්දරී කිසිම බාධාවකින් තොරව රසවිඳීමට හැකිය.
– අමිල නුවන් මධුසංඛ
synopsis
PNB පොලිස් ඒකකය මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා නිර්භීත පොලිස් නිලධාරියෙකු වන සරෝ (වරුන් තුෂ්‍යන්තන්) විසින් මෙහෙයවන රහස් මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි. අනෙක් පැත්තෙන්, සොරුන් තිදෙනෙක් (කජානන්, ජොයෙල් සහ නරේෂ්) ඔවුන් තම එදිනෙදා ජීවන අවශ්‍යතා ඉටු කර ගැනීමට නිවෙස්වල සොරකම් සිදුකරයි.
දවසක් ඔවුන් ධනවත් කාන්තාවකගෙන් (පර්ලිජා) කොල්ලකෑමට තීරණය කළහ. එම මංකොල්ලයේ ප්‍රතිවිපාක ලෙස ජීවිතයේ අනපේක්ෂිත සිදුවීම්වලට මුහුණ දීමට සොරුන්ට සිදුවේ.
Cast and Crew
දමිළ තරුණ පිරිසක් විසින් නිර්මාණය කරන ලද ” සොප්පන සුන්දරී “
අධ්‍යක්ෂණය සහ සංස්කරණය – මාතවන් මහෙෂ්වරන්
කතාව සහ තිර රචනය – ජොයෙල් ක්‍රිෂ්
කැමරා අධ්‍යක්ෂණය – චමල් එච්. වික්‍රමසිංහ
වර්ණ සංයෝජනය – දිනිඳු ජාගොඩ
7.1 ශබ්ද සංකලනය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි
සහය අධ්‍යක්ෂණය – නරේෂ් නාගේන්ද්‍රන් , ජොයෙල් ක්‍රිෂ්
නිෂ්පාදන කළමනාකරණය – ජෙනෝෂන් ජෙයරත්නම් , අෂ්නාක් මොහොමඩ්
සංගීත අධ්‍යක්ෂණය – ජීවනන්දන් රාම්
නිෂ්පාදනය – ස්ටුඩියෝ M3 වෙනුවෙන් කජනන් කයිලයිනාදන් , මාතවන් මහේෂ්වරන්, ජොයෙල් ක්‍රිෂ්
රංගන දායකත්වය : කජනන් කයිලයිනාදන් , ජොයෙල් ක්‍රිෂ් , නරේෂ් නාගේන්ද්‍රන් , මාතවන් මහේෂ්වරන් , තනුෂාන් චෙලවනාදන් , වරූන් තුෂාන්තන් , ජෙනෝෂන් ජෙයරත්නම් , නිරංජනි ෂන්මුගරාජා , පර්ලිජා ජෙයරාජා