අනුරාධපුර මහ රෝහල ඇතුළු දිස්ත්‍රික්කයේ රෝහල් හයක් අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍යවරු නොමැතිව පණ අදියි. – GMOA

අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු දිස්ත්‍රික්කයේ මූලික රෝහල් ගණනාවක පවතින අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රෝගීන් සහ දැනට සිටින වෛද්‍යවරු දැඩි අසීරුතාවට පත් වී සිටිනවා.

මේ බව සඳහන් වුණේ අනුරාධපුරය රෝහලේ ඊයේ (1) පැවති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය හමුවක දීය.

මෙම මාධ්‍ය හමුවට අනුරාධපුර මහරෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරු, තඹුත්තේගම, පදවිය, මැදවච්චිය, කැබිතිගොල්ලෑව, කහටගස් දිගිලිය හා කැකිරාව යන මූලික රෝහල් හයක වෛද්‍යවරු එක් වී සිටියා.

මෙහි දී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ උතුරු මැද පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය තේජා සෝමතිලක මහතා අනුරාධපුර රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ රැසක දැඩි හිඟයක් පවතින බව සඳහන් කළා.

ඔහු මෙහි දී පැවසුවේ හෘදයාබාධ, අධික රුධිර පීඩනය, වකුගුඩු රෝග හා අපස්මාර වැනි රෝග සඳහා ලබා දෙන ඖෂධවල වසරක පමණකාලයක සිට හිඟයක් පවතින බවයි. එමෙන්ම ශල්‍යකර්ම සඳහා භාවිත කරන නිර්වින්දන ඖෂධ වලසිට ප්ලාස්ටර්, බැන්ඩේජ්, බෙටඩීන්, සජිකල් ස්ප්‍රීඩ්, වැනි ඖෂධ දක්වා ඖෂධ රාශියක හිගයක් මෙම රෝහල් පද්ධති තුළ පවතින බව ද වෛද්‍යවරු වැඩිදුරටත් සඳහන් කළා.

තව ද මෙහි දී අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මධ්‍යම කාරක සභික ශශික විතානගේ මහතා සඳහන් කළේ දැනට විශේෂඥ වෛද්‍යවරු 19 ක් ශ්‍රේණිධාරී වෛද්‍යවරු 27 දෙනෙකු විදේශ ගත වී සිටින අතර තවත් 30 දෙනෙකු අවශ්‍ය සුදුසුකම් සපුරා අයදුම් කර සිටින බවයි.

Latest News

More like this

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...

තීරු බදු අඩු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීමට යයි

ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු තවදුරටත්...
error: Content is protected !!