මිනිත්තු කිහිපයක් තුළ සෝපානයක් තුළ දරුවෙක් බිහිකර කුණු බක්කියට දමා යන ගැහැණියක්

දකුණු චීනයේ ගැබිනි කාන්තාවක් මිනිත්තු කිහිපයක් ඇතුළත විදුලි සෝපානයක් තුළ දී ප්‍රසූතිය සිදු කර අලුත උපන් බිළිඳා කුණු කූඩයකට දමා ගොස් තිබේ.

අගෝස්තු 21 වන දින චොංකිං හි පටිගත වූ කම්පන සහගත CCTV දර්ශන එරට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වූ බව සඳහන් ය.

එම දර්ශනවල කළු පැහැති ඇඳුමින් සැරසුණු කාන්තාවක් ගමන් මල්ලක් සමඟ විදුලි සෝපානයකට ඇතුළු වන ආකාරයත් සුළු මොහොතකින්, ඇය තම කලිසම් කකුලට යටින් අලුත උපන් බිළිඳකු එළියට ගන්නා ආකාරය සටහන් වී තිබිණි.

දරුවා ප්‍රසූත කිරීමෙන් පසු ඇගේ සහ දරුවාගේ රුධිරය සහ සෝපානයෙ බිම පිස දැමීමට කටයුතු කරන ඇය කිසිවකුට නොදැනෙන ආකාරයෙන් එම ස්ථානයෙන් පිටවීමට දුර්වල උත්සාහයක නිරත වන ආකාරය දක්නට ලැබේ.

මිනිත්තු දෙකකට පසු, ඇය සෝපානයෙන් පිටව, ළදරුවා අසල කුණු කූඩයකට දමා යාමට කටයුතු කරයි.

පසුව ආරක්ෂක නිලධාරියෙකු විසින් දරුවා සොයා ගැනීමෙන් පසු හදිසි සේවා වහාම කැඳවා, දරුවා අසල පිහිටි රෝහලකට ගෙන යන ලද බව වාර්තා පවසයි.

Watch Video..>> Million in China watch chilling CCTV footage of woman giving birth in lift, minutes later dumping alive newborn in dustbin

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!