ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තර්මන් ෂන්මුගරත්නම් සිංගප්පූරුවේ ජනපති ධූරයට

සිංගප්පූරුවේ නව ජනාධිපති ධූරයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තර්මන් ෂන්මුගරත්නම් තේරී පත් වී තිබෙනවා.

මාධ්‍ය වාර්තාවලට අනුව 66 හැවිරිදි හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සියයට 70.4ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් විශාල ජයග්‍රහණයක් ලබා ගත් අතර ඔහුගේ ප්‍රතිවාදින් වන Ng කොක් සොන්ග් සහ ටැන් කින් ලියාන් පිළිවෙලින් සියයට 15.72ක් සහ සියයට 13.88ක් ලබා ගෙන ඇතැයි සඳහන් වෙනවා.

මේ අතර සිංගප්පූරුවේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ ෂන්මුගරත්නම්ට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ද ට්විටර් ඔස්සේ සුබ පැතුම් එක් කර තිබෙනවා.

“ඔහුගේ ජයග්‍රහණ සහ ඔහුගේ ශ්‍රී ලාංකික සම්භවය ඇත්තෙන්ම ආශ්වාදයක්,” යැයි එම පණිවුඩයේ සඳහන් වුණා.

සිංගප්පූරුවේ 9 වැනි ජනාධිපතිවරයා වීමට සිංගප්පූරු වැසියන් තර්මන් ෂන්මුගරත්නම්ට ප්‍රබල ජනවරමක් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු ආර්ථික විද්‍යාඥයකු වන තර්මන් ෂන්මුගරත්නම් ගේ මව යාපනයේ ඌරලු ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව පැවසෙනවා.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...