ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තර්මන් ෂන්මුගරත්නම් සිංගප්පූරුවේ ජනපති ධූරයට

සිංගප්පූරුවේ නව ජනාධිපති ධූරයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තර්මන් ෂන්මුගරත්නම් තේරී පත් වී තිබෙනවා.

මාධ්‍ය වාර්තාවලට අනුව 66 හැවිරිදි හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සියයට 70.4ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් විශාල ජයග්‍රහණයක් ලබා ගත් අතර ඔහුගේ ප්‍රතිවාදින් වන Ng කොක් සොන්ග් සහ ටැන් කින් ලියාන් පිළිවෙලින් සියයට 15.72ක් සහ සියයට 13.88ක් ලබා ගෙන ඇතැයි සඳහන් වෙනවා.

මේ අතර සිංගප්පූරුවේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ ෂන්මුගරත්නම්ට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ද ට්විටර් ඔස්සේ සුබ පැතුම් එක් කර තිබෙනවා.

“ඔහුගේ ජයග්‍රහණ සහ ඔහුගේ ශ්‍රී ලාංකික සම්භවය ඇත්තෙන්ම ආශ්වාදයක්,” යැයි එම පණිවුඩයේ සඳහන් වුණා.

සිංගප්පූරුවේ 9 වැනි ජනාධිපතිවරයා වීමට සිංගප්පූරු වැසියන් තර්මන් ෂන්මුගරත්නම්ට ප්‍රබල ජනවරමක් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු ආර්ථික විද්‍යාඥයකු වන තර්මන් ෂන්මුගරත්නම් ගේ මව යාපනයේ ඌරලු ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව පැවසෙනවා.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...