කාවින්ද්‍ය දුල්ෂානි රට හැර යයි

කෝලම් කූට්ටම නාට්‍යයේ “සුද්දි” ලෙස කාගෙත් ආදරය දිනාගත් කාවින්ද්‍යා දුල්ෂානි ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඇය ඕස්ට්‍රේලියාවට ගියේ ඇගේ ආදරණීය සැමියා වන බුද්ධික ජයවර්ධන හොයාගෙන.

මෑතකදී විවාහ දිවියට එළැඹුණත් කාවින්ද්‍යා සහ බුද්ධික පසුගිය කාලයේ හිටියේ දෙතැනක. විවාහයට පස්සෙ කෙටි කලකින් බුද්ධිකට සමුදෙන්න කාවින්ද්‍යාට සිද්ධ වුණේ ඔහු ජීවත්වුණේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල නිසා.

ඔහු වෙන්වෙලා ගිය දවසෙ ඉඳන් දුකෙන් නැවත හමුවෙනතුරු පෙරුම් පුරාගෙන බලාගෙන හිටිය කාවින්ද්‍යාට ඔන්න දැන් බුද්ධික ගාවට යන්න අවස්ථාව ඇවිත්. ඇගේ ඉදිරි කලා කටයුතුවලට මොකද වෙන්නෙ කියන්න දන්නෙ නෑ.ඒත් ඇගේ ආදරණීයන් නම් කියන්නෙ ආයෙ කාලයකට නිර්මාණයකින් ඇය දකින්න නොලැබෙයි කියලා. කොහොම වුණත් ඇය හොයාගෙන යන ලස්සන ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි අපි ප්‍රාර්ථනා කරනවා.

Latest News

error: Content is protected !!