වික්ටරි වෙන්කටේෂ් ලංකාවට

ඉන්දියානු නළු Daggubati Venkatesh නොහොත් වික්ටරි වෙන්කටේෂ් (Victory Venkatesh), ඔහුගේ ඉදිරි තෙළිඟු චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වී තිබෙනවා.

ප්‍රධාන වශයෙන් තෙළිඟු සිනමාවේ දස්කම් දක්වන වෙන්කටේෂ් සමඟ තවත් ප්‍රමුඛ ඉන්දීය නළු නිළියන් 14 දෙනෙකු පැමිණෙන බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ප්‍රමුඛ නළුවන් පිරිස අතර නළුවන් වන Nawazuddin Siddiqui සහ Shraddha Srinath ද සිටිනවා.

මෙම ශිල්පීන් කණ්ඩායමේ සංචාරය සහ කාලසටහන සඳහා රේඛීය නිෂ්පාදනය කළමනාකරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ Iyngaran Media Solution විසින්.

ඉන්දියානු නළුවන් කිහිප දෙනෙකු පුද්ගලික සහ රැකියා ආශ්‍රිත සංචාර සඳහා මෑත කාලයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට එය බෙහෙවින් උපකාරී වුණා.

Latest News

More like this

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...

බංගලාදේශයේ පළමු අගමැතිනිය කලීඩා සියා සමුගනී

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බේගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වී තිබෙනවා....

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...