හඳට ගිහින් දවස් දහයෙන් මෝඩි ඉරටත් යයි

සඳෙහි දකුණු පැත්තට ප්‍රථම අභ්‍යවකාශ යානය ගොඩබැස්සවීමේ මෙහෙයුම සාර්ථක වීමෙන් දින දහයකට පසු, ඉන්දියාව සූර්යයා අධ්‍යයනය කිරීමේ පළමු මෙහෙයුම වන ‘ආදිත්‍ය එල් 1’ දියත් කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ශ්‍රීහරිකෝටා සිට දේශීය වේලාවෙන් පෙරවරු 11.50 ට පමණ රොකට්ටුව දියත් කරනු ලැබීය.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) පැවසුවේ, “PSLV-C57 මගින් Aditya-L1 දියත් කිරීම සාර්ථකව සිදු කරනු ලැබූ බවයි.

ආදිත්‍ය L1 මාස හතරක පමණ කාලයක් කිලෝමීටර මිලියන 1.5ක් ගමන් කර සූර්ය-පෘථිවි පද්ධතියේ ලග්‍රෙන්ජ් ලක්ෂ්‍යය (L1) වටා හැලෝ කක්ෂයක ස්ථානගත වනු ඇත.

ගුරුත්වාකර්ෂණ බලය සමතුලිත කිරීම නිසා එය කක්ෂයේ ස්ථාවර වනු ඇති බව සඳහන් වේ.

ISRO ට අනුව, Aditya-L1 මෙහෙයුම යනු සූර්යයාගේ වායුගෝලය අධ්‍යයනය කිරීම සඳහා අභ්‍යවකාශය මත පදනම් වූ නිරීක්ෂණ පන්තියේ ඉන්දියානු සූර්ය මෙහෙයුමයි.

අභ්‍යවකාශ යානය ප්‍රභාගෝලය (සූර්‍යයාගේ ගැඹුරුම ස්ථර), වර්ණ ගෝලය (ප්‍රභාගෝලයට කි.මී. 400ක් සහ කිලෝමීටර් 2,100ක් පමණ ඉහළින් ඇති ස්ථරය) සහ කොරෝනා (සූර්‍යයාගේ පිටතම ස්ථර) නිරීක්ෂණය කිරීමට සහ අධ්‍යයනය කිරීමට නියමිතය.

මෙහෙයුමේ දිගුකාලීන දත්ත පෘථිවියේ දේශගුණික රටාවන්ට සූර්යයාගේ බලපෑම වඩා හොඳින් අවබෝධ කර ගැනීමට උපකාරී වනු ඇති බව අපේකෂිතය.

Latest News

More like this

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...

බංගලාදේශයේ පළමු අගමැතිනිය කලීඩා සියා සමුගනී

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බේගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වී තිබෙනවා....

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...