පක්ෂ සංවත්සරය මහින්දට කිව්වෙ නෑ – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර සංවත්සර උළෙලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා නොකළ බව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.

එසේ ආරාධනා නොකිරීම පිළිබඳ පැහැදිලි හේතුවක් සඳහන් නොකරන හිටපු ජනාධිපති සිරිසේන මහතා පැවසුවේ පක්ෂ සම්මේලනය උළෙල පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා අලවන ලද පෝස්ටර් වෙනත් පක්ෂයක් විසින් වසා දමා ඇති බවයි.

මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා නොකළ ද තමන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට පක්ෂ සම්මේලනයට ආරාධනා කළ බවත් පක්ෂ සංවත්සර උළෙලේ දි අභ්‍යන්‍තර තනතුරු වෙනස් කම් නොකරන බව ද මාධ්‍ය කළ විමසීම් වලට පිළිතුරු දෙමින් සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72වැනි සංවත්සරය අද (3වැනිදා) ශ්‍රී ජයවර්ධනපුර ‘මොනාච් ඉම්පීරියල්’ හෝටලයේදී පැවැත්වීමට නියමිතයි.

Latest News

More like this

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...