ශ්‍රී ලංකාවේ මරණ දඬුවම නිසා ජ්‍යාත්‍යන්තර පොලිසිය රතු වරෙන්තු ලබා දීම ප්‍රතික්ෂේප කරයි

මත්ද්‍රව්‍ය සහ ඝාතනවලට අදාළව ශ්‍රී ලංකාවේ දී ලබා දෙන දඬුවම මරණ දණ්ඩනය ලෙස සඳහන් වීම හේතුවෙන් ජාත්‍යන්තර අධිකරණය අපරාධ කරුවන්ට එරෙහිව රතු වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බව පොලිසිය පවසනවා.

විවෘත සහ වගකිව යුතු රජයක් සඳහා අධීක්ෂණ කාරක සභාව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය කැඳවූ අවස්ථාවේ දී මේ පිළිබඳ කරුණු අනාවරණය කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

එහිදී අදහස් දැක්වූ අපරාධ සහ නීතිය දිසාව භාර පොලිස්පති අසංග කරවිට මහතා,

“පාතාලය යටතේ කටයුතු කරන පුද්ගලයන්ගේ නාම ලේඛනයක් හඳුනාගෙන තිබෙනවා. ඡායාරූපත් හඳුනාගෙන තිබෙනවා. පදිංචි ස්ථානත් හඳුනාගෙන තිබෙනවා. එයින් විදේශ ගත වෙලා ඉන්න ප්‍රමාණයත් හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් කිහිප දෙනෙක් ගෙන්වීමටත් කටයුතු කළා. 12 දෙනෙක් ඉන්දියාවේ දී අත් අඩංගුවට අරන් එහේදිම නඩු පැවරුවා” යනුවෙන් පවසනු ලැබුවා.

එහෙත් ශ්‍රී ලංකාව මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන රටක් බැවින් ඉල්ලීම් කර ඇති තවත් කිහිප දෙනෙකුට රතු වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පවසනු ලැබුවා.

කොන්ත්‍රාත් පදනම යටතේ සිදු කරනු ලබන ඝාතන රැල්ල ඇති කරන කණ්ඩායම් ද මේ වන විට හඳුනාගෙන ඇති බවත් විශේෂ කාර්ය බලකාය මඟින් ඇතැම් කණ්ඩායම් මේ වන විටත් අත් අඩංගුවට ගෙන ඇති බව ද මෙහි දී සඳහන් වුණා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...