පාස්කු ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාවෙන් කම්පන සහගත හෙළිදරව්වක්..

2019 වසරේ ශ්‍රී ලංකාවේ සිදු වූ ඛේදනීය පාස්කු ප්‍රහාරය පිළිබඳ කම්පන සහගත හෙළි දරව්වක් සිදු කරන බව එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාව නිවේදනය කර තිබේ.

“Sri Lanka’s Easter Bombings-Dispatches” යන තේමාවෙන් නිර්මාණය කර ඇති වැඩසටහන සැප්තැම්බර් 5 වෙනි දා නිකුත් කරන බව එම නාලිකාව පවසයි.

ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ හෙළිදරව් සහිතව සිදුකෙරෙන මෙම වීඩියෝව පසුගිය අගෝස්තු 15 වැනි දා එළිදැක්වීමට නියමිතව තිබිණි.

නමුත් රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ චැනල් 4 නාලිකාවට තම නීතිඥවරුන් මඟින් කළ දැනුම් දීමක් අනුව අදාළ වීඩියෝව එදින නිකුත් කිරීම අත් හිටුවනු ලැබීය.

තම නම යොදාගනිමින් අදාළ වීඩියෝ පටයේ සිදු කරන ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය වන අතර එම කාලසීමාවේ දී ඔහු ලංකාවේ රාජකාරී සිදු නොකළ බව සුරේෂ් සලේ දැනුම් දී තිබේ.

ඉන්පසු එම දැනුම් දීම අනුව අදාළ නාලිකාව විසින් සංස්කරණය කරනු ලැබූ නව වීඩියෝව හෙට දිනයේ නිකුත් කෙරෙනු ඇත.

Latest News

error: Content is protected !!