ස්නයිපර් ප්‍රහාරයකින් ජනපති ඝාතනය කරන බව කියූ තරුණයා කම්පියුටර් ගේම් කප්පිත්තෙක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතන තැතක් පිළිබඳ ඉඟි කරමින් සමාජ මාධ්‍ය සටහනක් තැබීම සම්බන්ධයෙන් රහස් පොලිසිය අත් අඩංගුවට ගන්නා ලද තරුණයා එළැඹෙන 08 වෙනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දහනව හැවිරිදි මෙම තරුණයා අනුරාධපුර එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර චූන් පාන් අලෙවිකරුවකු ලෙස කටයුතු කරනු ලබන්නෙකු බව රහස් පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

මෙම තරුණයා අදාළ ප්‍රකාශය සිදු කළේ ජනාධිපතිවරයා එළැඹෙන 07 වන දා එප්පාවල ජාතික පාසලේ උත්සවයකට සහභාගි වීමට නියමිතව සිටිය දීය.

විශේෂ පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා හත් වෙනිදා තමාට ස්නයිපර් තුවක්කුවක් ලබා දෙන ලෙස ඔහුගේ සමාජ මාධ්‍ය පණිවිඩයෙන් ඉල්ලීම් කර තිබිණි. රහස් පොලීසිය වැඩිදුර ප්‍රශ්ණ කිරීම්වලින් පසු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

මෙම සටහන දුර දිග බලා දැමූ එකක් නොවන බව ඔහු ප්‍රශ්ණ කිරීම් හමුවේ පවසා ඇත. ඔහු දැඩි ලෙස පරිගණක ක්‍රීඩාවලට අබ්බැහිවූවකු බව ද රහස් පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

Latest News

More like this

උසස් පෙළ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍ර දෙකම නුගේගොඩ ‘සක්යා’ එකෙන් ලීක් වෙලා…

මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය නුගේගොඩ...

ඇස් අන්ධ වුණේ කෙහෙළියගේ බෙහෙතෙන් නෙවෙයි… සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු...

මාධ්‍යවේදීන් CID ගෙන්වීම නින්දිත ක්‍රියාවක් – විපක්ෂ නායක සජිත්

තමන් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කළ සත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් මාධ්‍යවේදීන්...

බලංගොඩ කස්සප හිමිට වරෙන්තු…

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට ලබන දෙසැම්බර් 10 දිනට පෙර...