පල්ලැකැලේ දී අසභ්‍ය ක්‍රියාවක් කළ ගෞතම් ගම්භීර්ගේ වීඩියෝ පටය ලීක් වෙයි

ඉන්දියාව සහ නේපාලය අතර ඊයෙ (04) පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවති තරගය අතරතුර හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගම්භීර් ප්‍රේක්ෂකාගාරයට පෙන්නුම් කළ අසභ්‍ය ඉරියව්ව සටහන් වූ වීඩියෝ පටය සමාජ මාධ්‍ය වේදිකාවල පුළුල් ලෙස සංසරණය වෙමින් පවතී.

ඔහු එසේ ක්‍රියා කළේ කුමක් දැයි නිශ්චිතව කිව නොහැකි නමුත් ඉන්දීය මාධ්‍ය ආයතන වාර්තා කරන්නේ විරාත් කෝලිට සහය දක්වන රසිකයන්ට ගාම්භීර් එසේ ප්‍රතිචාර දැක්වූ බවයි.

“විරාත් කෝලි සහ ගෞතම් ගාම්භීර් අතර පිටියේ ඇති වූ ගැටුම ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) 2023 හි වඩාත්ම මතභේදාත්මක අවස්ථාවන්ගෙන් එකකි.

IPL 2023 තරඟයකින් පසුව ඔවුන් දෙදෙනා අතර වචන හුවමාරුවක් සිදු විය.

ඔවුන් දෙදෙනාටම ඔවුන්ගේ හැසිරීම සඳහා විශාල දඩ මුදලක් ගෙවීමට නියම කෙරිණි.

නැවත එම ගැටුම ඊයේ පල්ලෙකැලේ ක්‍රීඩාගංගනයේ දී ඉස්මතු වුණේ ගෞතම් ගම්භීර් අසලින් ගමන් කරද්දී ක්‍රීඩාලෝලීන් පිරිසක් “කෝලි, කෝලි”‍ යයි කෑගැසීම හේතුවෙනි. ඔහු එම ක්‍රීඩා ලෝලීන්ට අසභ්‍ය ඉරියව්වක් පෙන්නුම් කරමින් එම ස්ථානයෙන් පිටව ගියත් එම අවස්ථාව වීඩියෝ පටවල සටහන් වී තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගෞතම් සමාජ මාධ්‍යවල පෙන්වන දෙයෙහි සත්‍යතාවක් නැති බවත් ඔහු එම පතිචාරය දැක්වූයේ ඉන්දීය විරෝධී සටන් පාඨ කියමින් කෑගැසූ පකිස්තාන ජාතිකයන් පිරිසක්ට බවත් පවසා ඇත.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...