රෙනෝ සිල්වා සම්පත් බැංකුවේ අයිතියෙන් සියයට 6.1ක් ගනී!

‘හිරු’ මාධ්‍ය ජාලයේ හිමිකරුවා වන රෙනෝ ද සිල්වා සම්පත් බැංකුවේ කොටස් සඳහා රුපියල් කෝටි 100ක් එනම් බිලියනයක් ආයෝජනය කරමින් සිය කොටස් හිමිකාරීත්වය සියයට 6 ඉක්මවා අත්පත් කරගෙන ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු රුපියල් 56 බැගින් කොටස් මිලියන 20ක් පසුගිය සිකුරාදා වන විට ලබා ගෙන ඇති අතර ඒ අනුව ඔහුගේ සියයට 2.84ක්ව පැවති සම්පත් කොටස් හිමිකාරීත්වය සියයට 6 ඉක්මවා වර්ධනය කරගෙන ඇති බව ‘ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස්’ පුවත් පත වාර්තා කරයි.

මෙම ආයෝජනයේ ඉදිරියේ ඇති ප්‍රතිලාභ සලකමින් එය සිදු කළ බව පවසමින් එම පුවත්පතට අදාල ගනුදෙනුව පිළිබඳව රෙනෝ ද සිල්වා සනාථ කර තිබේ. රෙනෝද සිල්වා වෘත්තීය අලෙවිකරුවකු වන අතර ඔහු මේ වනවිට හිරු නාළිකා අයත් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් සමාගමේ හිමිකරුවා වෙයි.

සම්පත් බැංකුවේ වැඩිම කොටස් හිමිකාරීත්වය දරන්නේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ පාලනය යටතේ ඇති වැලිබල් වන් සමාගමටය. එය සියයට 15ක ප්‍රතිශතයකි.

අපයනන සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රභාෂ් සුබසිංහ ගේ පාලනය යටතේ ඇති අයෙන්කා හෝල්ඩිංග්ස් සමාගමට සහ සේවක අර්ථ සාධක අරමුදලටද සියයට 9.97ක් බැගන් සම්පත් බැංකුවේ කොටස් අයිතිකාරීත්වයක් ඇත.

ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගමේ නිර්මාතෘ ඉන්ද්‍ර කුමාර ද සිල්වාට සම්පත් කොටස්වලින් සියයට 8.2ක් හිමි වන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest News

More like this

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...

ශ්‍රී ලංකාව ඇමරිකාව සමඟ වෙළඳ ගිවිසුමකට යා යුතුයි.. මහාචාර්ය වසන්ත අතුකෝරාල

රී ලංකාව ඇමරිකාව සමග අවම වශයෙන් වසර 05කට පමණ...

රජයෙන් සීමා වැටුණොත් වාහන මිල අහසේ… වාහන ආනයනකරුවෝ අනතුරු අඟවයි

මෙරටට වාහන ආනයනය කිරීමට මෙම අවුරුද්ද සඳහා වෙන් කරන...
error: Content is protected !!