තමන්ගේ අවයව හත් දෙනෙකුට දන් දුන් විහඟනාට උසස්පෙළ විභාගයේ වාණිජ අංශයෙන් “A” තුනක්

තම ජීවී අවයව හත් දෙනෙකුට පරිත්‍යාග කරමින් මිය ගිය කුරුණෑගල මලියදේව උසස් බාලිකා විද්‍යලයේ 19 හැවිරිදි විහඟනා නුවන්ති මෙවර උසස් පෙළ විභාගයේ වාණිජ විශය ධාරාවෙන් A සාමාර්ථ තුනක් ලබා ගෙන තිබේ.

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුගිය මාර්තු මාසයේ 02 වෙනිදා ඇය ජීවිතයෙන් සමුගත්තාය.

වෛද්‍යවරුන් සඳහන් කළේ මොළයේ ඇති වූ ගෙඩියක් ඇගේ මරණයට හේතුවූ බවයි. ඇයට තව දුරටත් ජීවත් වීමට වාසනාව නොමැති බව නිගමනය කිරීමෙන් පසු ඇගේ ජීවය සහිත අවයව හතක් පරිත්‍යාහ කළ හැකි බව වෛද්‍යවරු දන්වනු ලැබීය.

ඒ අනුව විහඟනාගෙ හදවත,පෙනහළු,වකුගඩු අක්මාව සහ ඇස් රෝගීන් ට පරිත්‍යාග කරමින් ජීවිත හතක් බේරාගැනීමට ඇයට හැකි විය.

Latest News

More like this

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...