ඔයා “බාබි” බැලුව ද? ජනපති සිසුවියගෙන් අසයි.

ජනාධිපති කාර්යාලයට අධ්‍යයන චාරිකාවක් සඳහා පැමිණි රත්නපුර සීවලී මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සිසුන් පිරිසක් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතා බහක නිරත වී තිබෙනවා.

දේශපාලනය, නවතම චිත්‍රපට, ඉංග්‍රීසි සාහිත්‍ය කෘති ඇතුළු විවිධ විෂයයන් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සිසුන් සමඟ සැහැල්ලුවෙන් සාකච්ඡා කරනු මෙහි දී දක්නට ලැබුණා.

එහිදී ජනාධිපතිවරයා ශිෂ්‍යාවකගෙන් අලුතින් නිකුත් වූ ‘බාබි’ චිත්‍රපටය නැරඹුවේදයි විමසා සිටියා.

ඉංග්‍රීසි නාට්‍ය රචක විලියම් ෂේක්ස්පියර්ගේ සාහිත්‍ය කෘති පිළිබඳව උනන්දුවක් දැක්වූ සිසුවිය, ඊට ප්‍රතිචාර දැක්වූයේ තමන්ට තවමත් චිත්‍රපටය නැරඹීමට අවස්ථාවක් නොලැබුණු බවයි.

තමන් දේශපාලන විෂය ක්ෂේත්‍රය පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන බව පැවසූ තවත් පාසල් සිසුවෙක් මෙහි දී සඳහන් කළේ උදේ හවස රූපවාහිනියෙන් දකින ජනාධිපතිවරයා මුහුණට මුහුණ මුණ ගැසීම තමන්ට ඉමහත් සතුටට කරුණක් බවයි.

මෙම සැහැල්ලු කතාබහේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතිනවා.

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...