ලෝකෙ ලොකුම සල්ලි කන්දට පයින් ගැහුව එලෝන් මස්ක්ගේ සංක්‍රාන්තික ලිංගික දියණිය

ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් තම සංක්‍රාන්ති ලිංගික දියණිය විවියන් සමඟ ඇති වූ විරසකයට සැබෑ හේතුව ළඟදීම නිකුත් කිරීමට නියමිත ඔහුගේ චරිතාපදානයේ හෙළි කර ඇතැයි වාර්තා වෙනවා.

සැප්තැම්බර් 12 වන දින නිකුත් කිරීමට නියමිතව ඇති වෝල් ස්ට්‍රීට් ජර්නල් විසින් ප්‍රකාශයට පත් කරන ලද පොතෙන් උපුටා ගත් කොටසකට අනුව, මස්ක් තම දියණියගේ මොළය සේදීම පිළිබඳ චෝදනා කරන්නේ ඇගේ මිල අධික පෞද්ගලික පාසලටයි.

Xavier Alexander Musk ලෙසින් උපත ලැබූ ප්‍රකෝටිපතියාගේ පුතා පසුගිය වසරේ නීත්‍යානුකූලව තම නම Vivian Jenna Wilson ලෙස වෙනස් කර සිය පියා සමඟ වන සම්බන්ධතා අත් හරිනු ලැබුවා.

වෝල්ටර් අයිසැක්සන් විසින් රචිත ඔහුගේ චරිතාපදානයේ සඳහන් කර ඇත්තේ, “ඇය සමාජවාදයෙන් ඔබ්බට ගොස් පූර්ණ කොමියුනිස්ට්වාදියෙකු වී ඇති අතර ධනවත් ඕනෑම අයෙකු නපුරු යයි සිතන බවයි.

තම දියණිය වෙත ළඟා වීමට ඔහු දැරූ උත්සාහය අසාර්ථක වූ බවත් ඇය තමා සමඟ කාලය ගත කිරීමට කැමති නැති බවත් මස්ක් තවදුරටත් පවසා තිබෙනවා.

උසාවි ගොනු කිරීම්වලට අනුව, Xavier වයස අවුරුදු 18 දී ඇගේ නම නිල වශයෙන් Vivian ලෙස වෙනස් කිරීම සඳහා කටයුතු කර තිබෙනවා. විවියන් තම ජීව විද්‍යාත්මක පියා සමඟ තවදුරටත් සම්බන්ධ වීමට අකමැති නිසා ඇගේ නම වෙනස් කළ බව පෙත්සමේ සඳහන් වුණා.

වාර්තා වලට අනුව, විවියන් සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස ඇයගේ වයස අවුරුදු 16 වන විට ඇගේ නැන්දාට පණිවිඩයක් හරහා තමාගේ ලිංගිකත්වය පළමුවරට හෙළි කර ඇති අතර එය තම පියාගෙන් සඟවන ලෙසට ඉල්ලා ඇතැයි සඳහන් වෙනවා.

“ඒයි, මම සංක්‍රාන්ති ලිංගිකයෙක්, මගේ නම දැන් ජෙනා. මගේ තාත්තාට කියන්න එපා,”යි එහි සඳහන් කර තිබූ බවයි වාර්තා පවසන්නේ.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!