මොරොක්කෝව සෙළවෙයි. දැනටමත් 600 ක් මිහිදන් වෙලා

මොරොක්කෝවේ වසර 120 කට වැඩි කාලයක් තුළ සිදුවූ විශාලතම භූමිකම්පාවෙන් පසු අද උදෑසන සිට සුන්බුන් අතර සිර වූ පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මාධ්‍ය වාර්තා පවසන්නේ ඊයේ(08) රාත්‍රියේ දකුණු මරකේෂ් හි ඇති වූ භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 632 ක් මිය ගොස් 350 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මොරොක්කෝවේ ඇට්ලස් කඳුකරයේ රිච්ටර් පරිමාණයෙන් 7.2ක් ලෙස සටහන් වූ භූමිකම්පාව, පෘතුගාලය තරම් ඈතට කම්පන ඇති කළ බව සඳහන්.

ඇසින් දුටු සාක්ෂිකරුවන් විස්තර කරන පරිදි ‘ඉවසිය නොහැකි කෑගැසීම් සහ හැඬීම්’ ඇසෙන අතර කලබලයට පත් මිනිසුන් වියරුවෙන් තම ඥාතීන් සොයන අයුරු වාර්තා වී තිබෙනවා.

මරකේෂ් හි සිරවී සිටින බ්‍රිතාන්‍ය සංචාරකයින් මාධ්‍ය වෙත, ඔවුන් ‘භයානක’ කම්පනයෙන් බේරුණු ආකාරය,මේස යට සැඟවී සිටින ආකාරය සහ ඔවුන්ට හෝටල් වලින් පිටත බිම නිදා ගැනීමට සිදුව ඇති බවයි පවසා ඇත්තේ.

අද උදෑසන ප්‍රකාශයක් නිකුත් කරමින් මොරොක්කෝ රජයේ නිලධාරියෙක් කියා සිටියේ හදිසි මෙහෙයුම් ‘රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින’ බවත් ඉදිරි පැය සහ දිනවලදී මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මුලික සංඛ්‍යා 300 සිට 632 දක්වා එක රැයකින් ඉහල ගිය බැවින් වින්දිතයින්ගේ අනන්‍යතාවයන් නිකුත් කර නැති බවයි සඳහන් වන්නේ.

බොහෝ මරණ සිදුවී ඇත්තේ කුඩා ග්‍රාමීය ගම්මානවලින් යුත් රළු කඳුකර ගම්බද ප්‍රදේශයක, මරකේෂ් දකුණින් පිහිටි ප්‍රදේශයේ බව වාර්තාවල දැක්වෙන්වා.

Latest News

More like this

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...

දින කිහිපයකට පසු රන්වලගේ රුධිර සාම්පලයක් රස පරීක්ෂකට…

සපුගස්කන්ද ප්‍රදේශයේදී හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...

හමුදා ආචාර පෙළපාලියක සේනාධි නායකයාගේ පෞද්ගලික ආරක්ෂකයා ගමන් කිරීමෙන් පිළිබිඹු වන්නේ කුමක්ද?

ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේදී පෙරේදා (13දා) පැවති...

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...