මිනි කැබිනට් සංශෝධනයක් – රාජ්‍ය ඇමතිවරුන් සහ අකාර්යක්ෂම ලේකම්වරුන්ටත් මාරුවීම්

අකාර්යක්ෂමතාව සහ ආරවුල් ඇතුළු ගැටලු රැසකට විසඳුම් සෙවීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ස්ථාන මාරුවක් සමඟින් ඇමැති මණ්ඩල හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ කුඩා පරිමාණයේ සංශෝධනයක් ළඟදීම සිදුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

මතභේද පවතින ඇතැම් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් වෙනස් කිරීමත්, ඉලක්ක සපුරා ගැනීමට සහ කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමට නොහැකි වූ ඇමැතිවරුන් කිහිපදෙනකු මාරුකිරීමත් මෙම සංශෝධනයේදී දැකගත හැකිවනු ඇතැයි පැවසෙනවා.

ඇමැතිවරුන්ගේ සහ ඔවුන්ගේ අමාත්‍යාංශවල කාර්ය සාධනය ඇගයීමෙන් පසු සංශෝධනයේදී පැවැරිය යුතු අමාත්‍යාංශ මේ වන විට තෝරාගෙන ඇති බව වාර්තා සඳහන් කරයි.

රාජ්‍ය ඇමැතිවරුන් විසින් තමන්ට නිශ්චිත රාජකාරි පැවරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළකර ඇති ඇතැම් කරුණු ද ජනාධිපතිවරයාගේ අවධානයට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය සඳුදා දින රාජ්‍ය ඇමැතිවරු අගමැති දිනේෂ් ගුණවර්ධන හමුවී තම ගැටලු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙනවා.

රාජ්‍ය අමාත්‍යාංශයට ලේකම්වරයකු පත් නොකිරීම, ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් විශ්‍රාම යන වයසෙන් පසුව අකාර්යක්ෂමතාවයට හේතු වන පරිදි ඇගයීම් ක්‍රියාවලියකින් තොරව කටයුතු කිරීම සහ ඇතැම් රාජ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් වරප්‍රසාද භුක්ති විඳිමින් නිශ්ශබ්දව සිටීම වැනි ගැටලු මෙහිදී මතුව ඇති බවයි වාර්තා වෙන්නේ.

රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත්කිරීම, රාජකාරි හා කාර්යයන් පැවරීම, රාජ්‍ය ඇමැතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය යථා තත්ත්වයට පත්කිරීම සහ රාජ්‍ය අමාත්‍යාංශ සඳහා අයවැයක් වෙන්කළ යුතු බව, මෙලෙස ඉදිරිපත් කළ ඉල්ලීම් අතර වෙනවා.

අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කාර්ය සාධනය ඇගයීම මත ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බව පැවසෙනවා.

ඔවුන්ගේ කාර්ය සාධනය නිරීක්ෂණය කිරීම සඳහා ලකුණු කාඩ්පත් ක්‍රමයක් මීට පෙර ජනාධිපති කාර්යාලය විසින් හඳුන්වා දී තිබුණා.

ලේකම්වරුන් අනෙකුත් අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණය කිරීමට අපොහොසත් වූ අවස්ථා සහ ඔවුන්ගේ කාර්ය සාධනය අසාර්ථක වූ අවස්ථා ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වන බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...

අමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන ජවිපෙ ස්ථාවරය වෙනයි… අපේ ස්ථාවරය වෙනයි… රජයේ ස්ථාවරය ගැන විජිත කියයි

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දියත් කළ හමුදා කුමන්ත්‍රණය...