‘Naatu Naatu’ ගීතය 2023 ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබයි.

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී පැවැත්වුණු අතර ජිමී කිමෙල් විසින් සම්මාන උළෙල මෙහෙයවනු ලැබීය.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ වැදගත් සිදුවීම වන්නේ තෙළිඟු බසින් තිරගතවූ ජනප‍්‍රිය චිත‍්‍රපටයක් වන RRR හි ‘නාටු නාටු‘ ගීතය ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම මුල් ගීතය ලෙස සම්මාන ලැබීමයි.

චිත‍්‍රපට ගීයක් සඳහා ඉන්දියාව අවසන් වරට ඔස්කාර් සම්මානයක් ලැබුවේ 2009 දීය. ඒ, ස්ලම්ඩෝග් මිලියනෙයර් චිත‍්‍රපටයේ ‘ජය හෝ’ ගීතය සඳහා හොඳම මුල් ගීතය සහ හොඳම මුල් සංගීත නිර්මාණයට හිමි සම්මානයන් ඒ. ආර්. රහමන්ට හිමිවූ අවස්ථාව යි.

RRR හි චිත‍්‍රපටය යටත්විජිත බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සටන් වැදි සැබෑ ඉන්දියානු විප්ලවවාදීන් දෙදෙනෙකු වටා ගෙතුණු ප‍්‍රබන්ධ කතාවක් ඉදිරිපත් කරන මේ ඓතිහාසික ෆැන්ටසි චිත‍්‍රපටය, ඉන්දියාවේ වැඩිම මුදලක් වැයකර නිෂ්පාදන කළ චිත‍්‍රපටවලින් එකකි.

විශ්මයජනක ක‍්‍රියාදාම අංගයන්, උද්යෝගීමත් නර්තන අංගයන් කිහිපයක් එයට ඇතුළත් ය.

මෙම චිත‍්‍රපටයට විචාරකයන්ගෙන් ද ප‍්‍රශංසනීය ප‍්‍රතිචාර ලැබී ඇති අතර, එඞ්ගා රයිට් සහ ජේම්ස් ගන් වැනි ප‍්‍රමුඛ පෙළේ හොලිවුඞ් අධ්‍යක්ෂවරුන්ගේ ප‍්‍රශංසාවන්ට ද භාජනයවී තිබිණි.

මිනිත්තු හතරහමාරක් දිග ඔස්කාර් සම්මානයෙන් පුද ලැබූ මේ ගීය පටිගත කෙරුණේ, 2021 වසරේ දී, යුක්රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ නිල නිවෙස ඉදිරිපිට දීය. මෙම ගීතය ඔස්කාර් වේදිකාවේ රාහුල් සිප්ලිගුන්ජ් සහ කාල බහිරව විසින් ගායනා කරන ලදී.

ඔස්කාර් සම්මාන උළෙලේ නිවේදිකාවක් ලෙස කටයුතු කළ දීපිකා පදුකෝන් විසින් මෙම ගීතය හඳුන්වා දුන්නාය.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...