පෞද්ගලික වෛද්‍ය සිසුන් වෙනුවෙන් ජනපතිගෙන් කමිටුවක්

පෞද්ගලික විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබාදීමට හැකි රජයේ ශික්ෂණ රෝහල් හඳුනාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි එම කටයුත්ත සිදුකිරීම සඳහා එම තීරණය ගෙන ඇත.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් ඇතුළු කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල, පොළොන්නරුව යන විශ්වවිද්‍යාලවට ඇතුළත් වන වෛද්‍ය සිසුන් සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිතයට ගැනීමට සුදුසු රෝහල්, අධ්‍යනය කිරීම, සමාලෝචනය කිරීම, හඳුනාගැනීම සහ සායනික පුහුණුව ලබාදීමට ඇති හැකියාව එම කමිටුව මඟින් සොයා බැලීමට නියමිතය.

ඒ අනුව හඳුනාගත් රෝහල් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතු පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කළ යුතු අතර, සති 8ක කාලයක් ඇතුළත කමිටුවේ සොයාගැනීම් සහ නිර්දේශ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම කමිටුවට උපදෙස් ලබා දී තිබේ.

කමිටු සමාජිකයින් පහතින් දැක්වේ.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ (සභාපති)

සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක වෛද්‍ය ආර්.එම්. සමන් කුසුම්සිරි රත්නායක

සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය ඒ.කේ. එස් ද අල්විස්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග

ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය භවන්ත ගමගේ

විකලාංග සහ ක්ෂථ පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය නාමල් විජේසිංහ

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය දර්ශන සිරිසේන

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය ජේ. බලවර්ධන

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) ආර්. එල්. එස්. සමන්මලී

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...