හරක් කටා CID එක්ක හැප්පෙයි. ගිනි අවියකුත් උදුරගෙන

සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන නදුන් චින්තක හෙවත් හරක්කටා නමැත්තා විසින් රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනිඅවිය පැහැර ගැනීමට උත්සාහයක් දරා ඇති බව වාර්තා වෙයි.

හරක්කටා මෙම උත්සහය දරා ඇත්තේ රහස් පොලිස් භාරයේ රැඳවුම් නියෝග මත රදවාගෙන සිටිය දී ය.

ඔහුගෙන් මාංචු ගලවා ප්‍රශ්න කරමින් සිටියදී වැසිකිළියට යාමට අවශ්‍ය බව කියා වැසිකිළි ගොස් පැමිණි පැමිණි පසු මේසය අසල සිටි උප පොලිස් පරීක්ෂකවරයාගේ ගිනි අවිය පැහැරගැනීමට තැත් කර ඇත.

කෙසේ වෙතත් සෙසු නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් උත්සාහය අසාර්ථක වී ඇති බව වාර්තා වේ.

Latest News

error: Content is protected !!