දුම්රිය ස්ථානවලට හමුදාව කැඳවයි..

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ඊයේ(12) දින සිට ආරක්ෂාව සඳහා ශ‍්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට අනෙකුත් දුම්රිය ස්ථානවලට ද ආරක්ෂක අංශ යෙදවු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

අඛණ්ඩ වැඩවර්ජන ක‍්‍රියාමාර්ගය මධ්‍යයේ රාජකාරියේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය එන්ජින් මෙහෙයුම් ඉංජිනේරුවරුන් විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

බඳවා ගැනීමේ ක‍්‍රියාවලියට සංශෝධන සහ උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය සඳුදා (11) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩවර්ජනය දියත් කර තිබූ අතර ඒවා වසර පහකට ආසන්න කාලයක් ප‍්‍රමාද වී ඇති බව ඔවුහු පවසති.

මේ හේතුවෙන් දුම්රිය ගමන්වාර සියයකට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුව තිබූ අතර දුම්රිය වර්ජනය හේතුවෙන් මගීහු දැඩි පීඩාවට පත්වූ අතර ඊයේ(12) දිනයේ ඇතැම් දුම්රිය ස්ථානවල නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති විය.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!