ජගාගේ ”රහස් කියන කඳු” ඩකා සිනමා උලෙළට

ජගත් මනුවර්ණ ගේ ”රහස් කියන කඳු” 22 වන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබේ.

ඒ අනුව එළඹෙන වසරේ ජනවාරි 20 වැනිදා සිට ජනවාරි 28 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවැත්වීමට නියමිත සිනමා උලෙළේ දී එහි ප්‍රමුඛතම අංශයක් වන ආසියානු තරගකාරී අංශය යටතේ චිත්‍රපටය තරග වදිනු ඇත.

අන්තර්ජාතික ජූරි සභාවක් විසින් ආසියානු තරගකාරී අංශයේ තීන්දුව ලබාදෙන අතර එම අංශය යටතේ හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම රංගන ශිල්පියා, හොඳම රංගන ශිල්පිනිය, හොඳම තිර රචනය සහ හොඳම කැමරා අධ්‍යක්ෂණයට සම්මාන ලබාදීමට නියමිත ය.

රේන්බෝ සිනමා සංසදය විසින් සංවිධාන කරන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට මෙවර රටවල් 70ක් නියෝජනය කරමින් සිනමාපට 220කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව උලෙළේ අධ්‍යක්ෂ මුස්ටාබා සමාල් විදෙස් මාධ්‍ය වෙත කියා තිබේ.

ජගත් මනුවර්ණගේ ‘රහස් කියන කඳු’ චිත්‍රපටය 2023 රොටර්ඩෑම් සිනමා සම්මාන උළෙලේ දී මින්පෙර සම්මානයට පාත්‍ර විය.

Bright Future තරග අංශය යටතේ ඉදිරිපත් කර තිබූ සිනමාපටය NETPAC (Network for the Promotion of Asian Cinema) සම්මානය සඳහා ද සුදුසුකම් ලබා තිබිණි. ඒ අනුව, ‘රහස් කියන කඳු’ සිනමා පටය සඳහා NETPAC සම්මානය හිමිවිය.

සබැඳි පුවත් :

මනුවර්ණගේ “රහස් කියන කඳු” බලන්න තරංගනී ශාලාව පිරී ඉතිරී යයි

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...