වසර 1000 ක් පැරණි පිටසක්වල සිරුරු දෙකක් මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට

මෙක්සිකෝ පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදියෙකු සහ UFO (හඳුනානොගත් පියාසර වස්තු) විද්‍යාඥයෙකු වන Jaime Maussan විසින් වීදුරු පෙට්ටිවල දමා ඉදිරිපත් කරන ලද පොසිල සිරුරු වසර 1,000ක් පැරණි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මෙක්සිකානු කොංග්‍රසයේ විශේෂ සැසිවාරයකදී “පිටසක්වල” ජීවීන් දෙදෙනෙකුගේ සිරුරු දේශපාලනඥයන් ඉදිරියේ ප්‍රදර්ශනය කෙරිණි.

මාධ්‍යවේදී සහ UFO විද්‍යාඥ Jaime Maussan විසින් ඉදිරිපත් කරන ලද සහ වීදුරු පෙට්ටිවල ප්‍රදර්ශනය කරන ලද පොසිල සිරුරු, පේරු හි Cusco වෙතින් ලබාගෙන ඇති අතර ඒවා වසර 1,000 ක් පැරණි බවයි පැවසෙන්නේ.

මෙක්සිකෝවේ ජාතික ස්වයං පාලන විශ්ව විද්‍යාලය (UNAM) විසින් සාම්පල විශ්ලේෂණය කළ අතර DNA සාම්පල ලබා ගැනීමට සමත් වූ විද්‍යාඥයින් ඔවුන්ගේ වයස තීරණය කිරීම සඳහා රේඩියෝ කාබන් පරීක්ෂණ යොදා ගත් බව සඳහන්.

“විශාල විශ්වයේ අපි තනිවම නොවේ, අපි මෙම යථාර්ථය පිළිගත යුතුයි,” මානව නොවන ජීවීන් සහ තාක්ෂණයන් ගැන ඉගෙන ගැනීමට මහජනතාවට අයිතියක් ඇති බව තර්ක කළ මවුසාන් පවසා තිබෙනවා.

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...