ෂෙනාය වැනෝෆ් හදිසියේ විවාහ වීමත් එක්ක අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍ය දෙකක් අවුල් ගොඩක පැටළුණා.
ඇය කිරුළිගේ චරිතය කළ හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ප්‍රදීප් රසාංග ඇතුළු එහි ප්‍රධාන චරිත නිරූපනය කරන රංගන ශිලිපීන් ශිල්පිනියන් ඇගේ ඉවත් වීම පිළිබඳ කරන පැහැදිලි කිරීමක් අධ්‍යක්ෂවරයාගේ යූ ටියුබ් නාළිකාවේ මේ වන විට පළ කරල තියෙනවා.
අධ්‍යක්ෂ ප්‍රදීප් රංගන මෙහි දී පවසන්නේ කිරුළිගෙ ඉවත්වීම එක්ක ඔහු ඇතුළු කණ්ඩායම දැඩි ලෙස අපහසුතාවට පත් වුණු බවයි.
ඇය ඉවත් වුණේ ඇගේ පෞද්ගලික හේතුවක් මත බවත් ඇය සමඟ තරහක් නැති බවත් ඇගේ ජීවිතයට සුභ පතන බවත් ඔහු මෙහි දී සඳහන් කළා.
“ශෙනායා මට වැඳලත් ගියේ. මගේ තරහක් නෑ ඇය එක්ක. ඇයට සුභ පතනවා. ඒ වගේම මේ චරිතයට අලුතින් තෝරගෙන ඉන්න දුනීශා ලොකු කැපවීමක් කරමින් ඉන්නවා. අවුරුදු හතරහමාරක් වෙන කෙනෙක් කරපු චරිතයක හොඳම කොටස් ටික කරන අභියෝගය තමයි ඇයට ලැබුණේ. ඇය මේ වන විට ඒ අභියෝගය භාර ගෙන තියෙනවා.” යැයි ඔහු පැවසුවා.
එහෙත් ටෙලි නාට්‍යයක් කියන්නෙ විශාල සාමුහික ප්‍රයත්නයක් නිසාත් ඒ පිටුපස බොහෝ දෙනෙක් රැකෙන නිසා තමා සෑම නිළියෙක්ගෙන්ම එලෙස එකවර හිතුමතේ භාරගත් නාට්‍යවලින් ඉවත් නොවන ලෙස ඉල්ලා සිටින බවත් ප්‍රදීප් රසාංග මෙහි දීපවසා තිබෙනවා.
එමෙන්ම ඔහු ප්‍රේක්ෂකයින්ගේ රසවින්දනයට මේ නිසා වුණු හානියට සියලුම ප්‍රේක්ෂකයින්ගෙන් තමා සමාව ඇයද සිටින බව ප්‍රකාශ කළා.



සබැඳි පුවත් :
ජනප්‍රිය කිරුළ ගලවලා ආදරයට හිස නවපු ෂෙනායා වැනෝෆ්ගේ හිසට වැටුණු වටිනම කිරුළ
ෂෙනායා වැනෝෆ් ඉවත් වීමෙන් ටෙලි නාට්‍ය දෙකක් අර්බුදයක.. – ඉවත් වෙන්න කිව්වෙ පෙම්වතා ද?